ක්‍රීඩාවට උපන් හපන් ඉමේෂා සවින්දි

ඉමේෂා සවින්දි
 
වරාගොඩ ශාන්ත පාවළු බාලිකා මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. ඞී. ඉමේෂා සවින්දි ක‍්‍රීඩාකාව තම පාසල තුල ක‍්‍රීඩාවෙන් දස්කම් පාන ශිෂ්‍යාවකි. පසුගියදා තම පාසල නියෝජනය කරමින් 2011 India Friendship Tournament - Chennai  තරඟාවලීයට සහභාගී වූ ඇය සතියක් පුරාවට පැවති මෙම ඉන්දියානු සංචාරයේදී චෙන්නායි කණ්ඩායම හා ශාන්ත පාවළු කණ්ඩායම අතර පැවති වයස අවුරුදු 17න් පහල නෙට්බෝල් තරඟයේ ශූරතාවය දිනාගැනීමට තම කණ්ඩායමට සුපිරි ශක්තියක් විය.

    2008 වසරේදී ක‍්‍රීඩාවට අවතීර්ණ වූ ඇය මේ වන විට පාසල් අත්පන්දු (Volleyball) කණ්ඩායමේ නයිකාව බවට පත්ව සිටින අතර පාසැල්, කැලණිය කොට්ඨාශ, කලාප තරඟ වලින් ප‍්‍රථම ස්ථානය දිනාගනිමින් පළාත් තර`ග වලට ඉදිරිපත් වී තෙවන ස්ථානය දිනාගැනීමට සමත් විය. මීටර් 100  15න් පහළ හා 17 න් පහළ කැළණි කොට්ඨාශ තරඟ ජයගෙන බස්නාහිර පළාත් තරඟයෙන් තෙවන ස්ථානය දිනාගැනීමට ඈ සමත් විය.

    වේවැල්දූව ‘සමගි’ යෞවන සමාජයේ සාමාජිකාවක වන ඇය කැලණිය කලාපයේ යෞවන සමාජ ක‍්‍රීඩා තරඟාවලියේදී මීටර් 100, මීටර් 100 × 4 සහාය දිවීම,  මීටර් 400, මීටර් 400 × 4 සහාය දිවීම සහ දුර දිවීම, යන තරඟ ඉසව් සියල්ලෙන්ම ප‍්‍රථම ස්ථානය දිනා වේවැල්දූව ගමට ඉමහත් ගෞරවයක් ගෙන එ්මට සමත් විය.

    වේවැල්දූව අංක 160 නිවසේ දියණියක වන ඈ ශ‍්‍රී සුචරිතෝදය දහම් පාසලේ ශිෂ්‍යාවකි.

    මතු දිනක වේවැල්දූවට ආළෝකයක් වන ඔබට අපෙන් සුභාසිරි......