ජීවිත ගමනේ නිමක් සොයා....

රුවලින් ගමන් ගත් කාලය
අහවර වූ විට එළඹෙන්නේ
තම ධෛරියයෙන් හබල් ගසන
කාල වකවානුවකි
මෙම ඔරුවෙන් ගමන් කරන්නා වූ
ජීවිතය නැමති මහා සාගරය
ඉතා කටුකය,
එහි ගමන් කිරීම ඉතා දුක්බරය
එ් ජීවිත සාගරය තරණය කිරීමට
ශක්තිමත් ඔරු කඳක් පමණක් ප‍්‍රමාණවත්ද?
එයට අධිෂ්ඨානයෙන් හා උත්සාහයෙන්
ලැබුවා වූ අධ්‍යාපනය නැමති හබල්
උත්තරීතරය. එම නිසා,
ඔරුව ගමනේ නිමක් පෙනෙන තෙක්
හබලෙහි පිහිට පතනා බැවින්
එ් හබල් ගැසීමෙන් මාලත් අත්දැකීම්
ජීවිත ගමනේ ගමනාන්තයක්
සොයා ඇදෙන මාගේ ජීවිත යාත‍්‍රාවේ
පහන් සිළුව කරගනිමි.

දුලක්ෂී චමෝදිකා
10 වසර