ඉපැරණි දාගැබ්

අප රටේ ඉපැරණි දාගැබ් කිහිපයක් ගැන අප තොරතුරු විමසා බලමු.

    අම්බස්ථල දාගැබ




    මිහින්තලා කඳුමුදුනේ ඇති වටදා ගෙයින් මැද පිහිටි දාගැබ මෙනමින් හැඳින්වේ. දෙවන පෑතිස් රජතුමාට මිහිඳු මාහිමියන් හමුවූයේ මෙම ස්ථානයේදී යැයි පැවසේ. මහාදාඨික මහානාග රජතුමා විසින් මෙහි සේල චෛත්‍යය නම් දාගැබක් කළ බවත් පසුව කණිෂ්ඨතිස්ස රජතුමා වටදාගෙයක් කරවූ බවත් සඳහන්ව තිබේ. වටදාගෙයි ගල්කණුවල ඇති ශිලා ලිපි අනුව එය පළවැනි සියවසට අයත්ය. ශිලා චේතිය ඉදිකල ස්ථානයේ බුදුන්වහන්සේ මොහොතක් සමවත් සුවයෙන් වැඩසිටි බවද සඳහන්ව ඇත. මෙම දාගැබ මෑතකදී පිළිසකර කර ඇත.
   
    මහා සෑය



    මිහින්තලාවට ලඟා වෙද්දී කඳු මුදුනේ සුදෝ සුදු පැහැයෙන් දිස්වෙන්නේ මෙම දාගැබයි. මිහින්තලා පුදබිමේ ඇති විශාලතම දාගැබ මෙයයි. අඹතලා සෑය, අම්බුළු සෑය යන නම් වලින්ද මෙය හැඳින්වේත මහා දාඨික මහානාග රජතුමා (කි‍්‍ර.ව. 7-19) විසින් මෙම දාගැබ කරවන ලද්දේය. බුදුන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව මෙහි නිදන් කර ඇතැයි පැවසේ. ස්ථුපයේ පාදයේ විශ්කම්භය මීටර් 41.48 කි. උස මීටර් 13.72 කි. පේසා වළලූ තුනක් පිහිටා ඇත. මෙම දාගැබ ගරාවැටී තිබුණු අතර සියම් රජකුමරකුගේ ආධාරයෙන් පිළිසකර කරවීය

    ඇත් වෙහෙර



    මිහින්තලා කඳුවැටියේ උස්ම කඳු මුදුනේ මෙම වෙහෙර පිහිටා ඇත. මෙම දාගැබ කරවූයේ කවුරුන්දැයි නිශ්චිතවම පැහැදිලි නැත. ස්ථුපයේ උස මීටර් තුනක් පමණ වේ. සෑ මළුවට පිවිසෙන දොරටුවේ මුරගල් හා කොරවක් ගල් සහිත පියගැට පෙළකි. පේසා වළලූ තුනක් දාගැබේ දක්නට ඇත. මෙම දාගැබ ඉතා මෑතකදී ප‍්‍රතිසංස්කරණයකර ඇත.

 සජනි රන්දිමා
7 ශ්‍රේණිය