වේවැල්දූව ශ‍්‍රී නාගරුක්ඛාරාම විහාරාධීපති පූජ්‍ය මොරවක සෝරත නාහිමියන්ගේ උපන්දිනය සැමරේ

 

අගෝස්තු මස 8 වන දිනට ශ‍්‍රී නාගරුක්ඛාරාමය සහ සයිප‍්‍රසයේ ශ‍්‍රී ලංකාරාමය යන උභය විහාරස්ථානාධිපති පූජ්‍ය මොරවක සෝරත නාහිමියන්ගේ 45 වන ජන්ම දිනය යෙදි තිබිණි. උන් වහන්සේ ශ‍්‍රී ලංකාවේ වැඩනොසිටියද නාරුක් අරම විහාරවාසී ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ විසින් උන්වහන්සේට සෙත්පතා ආගමික වැඩසටහන් ගණනාවක්ම සිදුකරන ලදී. එ් අනුව අගෝස්තු මස 07 වන ඉරු දින කැලණිය, වනවාසල පාරේ අංක 59/1 ස්ථානයෙහි පිහිටි ධර්ම ජයන්ති විහාරස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන ‘පාරමිතා’ වැඩිහිටි නිවාසය සඳහා රාත‍්‍රී දානය පිරිනැමීට කටයුතු කරන ලදී. නේවාසික වැඩිහිටියන් 48 දෙනෙකුගෙන් යුත් පිරිසක් සඳහා දානය පිළියෙල වූ අතර එ් සඳහා විහාරස්ථ දායක සභාවේ සහ කුළඟන සමිතියේ දායකත්වය ලබාදී තිබුණි. අනතුරුව සවස ගනේමුල්ල ආන්නද බෝධි ධර්මායතනාධිපති විචිත‍්‍ර ධර්ම කථික පූජ්‍ය පාතේගම සුමනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කරවා සුමධුර ධර්ම දේශනයක් පැවැත්වීමට ද ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ විසින් කටයුතු කරන ලදී.