උපතිස්ස සිරිගම්පල

අප ගම ඔපවත් කරන කළමණාකරුවෙක්

අප කුඩා අවධියේදී වේවැල්දූව ගමේ රඟදැක්වූ ඉතාමත් දර්ශනීය වේදිකා නාට්‍ය දෙකක් පිළිබඳ මාගේ මතකය අවධිවේ. එසේ වූයේ මෙම නාට්‍ය දෙකෙහිම ප‍්‍රධාන චරිත ර`ගපෑ නළුවා අද අපගේ කථා නායකයා වීම නිසාය. නාට්‍ය දෙක ”පේෂකාර දූ, සහ කුණ්ඩලකේශි” ය. මුලින්ම වේදිකාගත වූයේ පේෂකාර දූ නාට්‍යයයි. මගේ මතකයේ හැටියට එ් 1972 හෝ 1973 වර්ෂයේදීය. නාට්‍ය දෙකෙහිම අධ්‍යක්‍ෂවරයා වූයේ අප ගම ඔපවත් කළ යූ. ඩබ්. කරුණාදාස කවියානන්ය. පේෂකාර දූ නාට්‍යයෙහි ප‍්‍රධාන චරිත දෙකකි. පේෂකාර දියණිය හා ඇගේ පියාය. මෙම චරිතදෙක රඟපෑවේ එදා ශී‍්‍ර නාගරුක්ඛාරාම දහම්පාසැලේ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා ශිෂ්‍යාවක වූ උපතිස්ස සිරිගම්පල හා සුබෝධනී වීරලතා යන දෙදෙනාය. මෙම නාට්‍යයේ එන පියාගේ හදිසි කෝපය නිසා යකඩ කැබැල්ලකින් පහරදීමකින් තම දියණිය මිය යන දර්ශනයක් තිබේ. එම දර්ශනය පේෂකාර දූනාට්‍යයේ ඉතාමත් උද්වේගකර අවස්ථාවකි. මෙම අවස්ථාව උද්දීපනය කිරීම සඳහා නාට්‍ය සංගීතය සැපයූ ගුණදාස වැලිවිට මහතාගේ ඩොල්කිය සහ කේ. ඞී. සුනිල් මහතාගේ වයලීනයේ හඬ විශාල සහයෝගයක් ලැබුණි. එදා භද්‍ර යෞවනයේ කඩවසම් තරුණයෙකු වූ සිරිගම්පල මහතා මෙම අවාසනාවන්ත පියාගේ චරිතය අප කාගේත් සිත් තුළ සනිටුහන් වන ආකාරයට රඟදැක්වීය. ඉන්පසුව කරුණාදාස මහතා අධ්‍යක්‍ෂණය කළ ”කුණ්ඩලකේශී” නාට්‍යයේ ද ප‍්‍රධාන චරිතයක් මේ තරුණයා රඟදක්වා අපේ ගමේ පේ‍්‍රක්‍ෂකයන් අමන්දානන්දයට පත් කරන්නේය.

    උපතිස්ස සිරිගම්පල දරුවා සිය දෙමාපියන් සමඟ වේවැල්දූව ගමේ කජුගහකුඹුරේ අංක 63 දරණ නිවසේ පදිංචිව සිටියේය. අද එම නිවස සහ ඉඩම එහි නැත. එය අද කැළණි කේබල් ආයතනයට අයත් දේපලකි. කොටහේන කුමාර මහා විද්‍යාලයෙන්  මුලික අධ්‍යාපනය ලැබූ සිරිගම්පල දරුවා එම විද්‍යාලයේ ඉගෙනුම ලබද්දි 7 වන ශ්‍රේණියේදී පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වන්නේය. ඔහු සාමාන්‍ය ඉහලින් සමත්ව ගණිතය අංශයෙන් උසස්පෙළ සඳහා ඉදිරිපත්ව ඉහළ සාමාර්ථයක් ලබා උසස් අධ්‍යාපනය ස`දහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙයි.

    සිරිගම්පල මහතා වේවැල්දූව ගමෙන්, විහාරස්ථානයෙන් බිහිවූ තවත් දීප්තිමත් තරුවකි. ඔහු අද දරණ උසස් තනතුර සඳහා පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනයෙන් ලැබූ ඉගෙනීම ඉවහල් වූ බව සත්‍යයකි. එහෙත් සිරිගම්පල මහතා හොඳින් ඉගෙනීමට සහ පරිපූර්ණ මිනිසෙකු බවට පත්වන්නට පසුබිම සැකසෙන්නේ වේවැල්දූව ශ‍්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානය සහ දහම් පාසලයි. මේධානන්ද නායක හාමුදුරුවන් විහාරාධිපතිව වැඩවිසූ කාලයේ නාගරුක්ඛාරාම දහම් පාසලේ සිටි දීප්තිමත් ශිෂයෙකි සිරිගම්පල මහතා. එවකට දහම් පාසලේ ශිෂ්‍ය සමිතියේ සභාපතිවරයා වූයේ ඔහුය. එම තනතුර ඔහු ලබන්නේ ඔහු සතු චතුර කථිකත්වය නිසාවෙනි. කැලණිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ දහම් පාසල් අතර පැවැත්වෙන කථික තරඟ සඳහා ද ඔහුට නිරන්තරයෙන් ඉදිරිපත් වන්නට සිදුවේ. දහම් පාසැල තුල පැවැත්වෙන කථික තර`ග වලදී, විවාද තරඟ වලදී කැපී පෙණෙන චරිතයක් බවට සිරිගම්පල ශිෂ්‍යයා පත්විය. දහම් පාසලේ මෙවැනි බාහිර කටයුතු වලදී මූලිකත්වය ලබනවා මෙන්ම ඔහු දහම් අධ්‍යාපනයද හොඳින් හදාරන්නේය. දහම් පාසැල් අවසාන විභාගය ඉහළින් සමත්වන සිරිගම්පල තරුණයා වසර කිහිපයක් දහම් පාසලේ ගුරුවරයෙක් ලෙසද සේවය කරන්නේය.

    අප කථානායකයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1981 දී විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය ලබාගනී. ඉන් පසුව ඔහු 1982 වර්ෂයේදී යාන්ත‍්‍රික ඉංජිනේරු වරයෙකු ලෙස විදුලි සංදේශ දෙපාර්තමෙන්තුවට සම්බන්ධ වේ. ඉන් පසුව සිරිගම්පල මහතාගේ දක්‍ෂතාවයන් නිසා විදුලි සංදේශ දෙපාර්තමෙන්තුවෙන් ඉවත්ව එයාර් ලංකා ආයතනයේ සේවය සඳහා උසස්වීමක් ලබන්නේය. ඉන් අනතුරුව බ‍්‍රවුන්ස් සහ සමාගමේ විධායක නිලධාරියෙකු ලෙසද කටයුතු කරන සිරිගම්පල මහතා වර්තමානයේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කරයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව රැුකියාවේ නිරතව සිටියදීද සිරිගම්පල මහතා අධ්‍යාපනය දිගටම කරගෙන ආවේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් විදේශ රටවල් කිහිපයකම අධ්‍යාපනය ලබන්නට ඔහුට වාසනාව ලැබෙයි. එ් අනුව 1995 දී තායිලන්තය, 2006 දී ඉන්දියාව සහ සිංගප්පූරුව 2007 දී ඉන්දුනීසියාව හා 2008 දී චීනය ආදී වශයෙන් විදේශ රටවල තම විෂය දැනුම වර්ධනය කරගැනීමට පුහුණුව ලබන්නේය. ඉතා මෑතක දී සිරිගම්පල නම් වූ කළමණාකරුවා ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ද (MBA) දිනාගැනීමට සමත් වී තිබේ..

    ඉතින් අපට කෙතරම් සතුටුද ? කෙතරම් ආඩම්බරද ? ඇයි ? ඔහු අපේ කෙනෙකු නිසාවෙනි. අපේ ගමේ හැදී වැඩුණු, විහාරස්ථානයේ, දහම් පාසලේ සෙවන ලැබූ අයෙකු රටේ ඉහලින් වැජඹෙන විට එයින් සතුටක් නොවිඳින්නේ කවුද ?

    මිනිසෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කුමක් ද ? ගිහියෙකු නම් ඔහු හෝ ඇය හෝ හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි. යහපත් රැකියාවක නිරත විය යුතුයි. ගුණගරුක ස්වාමියෙක්, බිරිඳක් සමග ගෘහ ජීවිතයක් ගත කළ යුතුයි. කෙටියෙන් ආගමානුකූල ජීවිතයක් ගත කළ යුතුයි. මේ හැම කාරණාවකදීම සිරිගම්පල මහතා ඉදිරියෙන් සිටින බව කිවයුතුය. ඔහු ඉතා හොඳ පවුල් ජීවිතයක් ගතකරන්නෙකි. සිරිගම්පල මහතාගේ බිරිඳ චන්ද්‍රා සිරිගම්පල මහත්මියයි. ඇය වෛද්‍යවරියකි. එකම දියණිය මෙව්නි චමත්කා සිරිගම්පලයි. මේ සුන්දර පවුල කඩවත කිරිල්ලවල තම ස්ථිර පදිංචිය ලෙස තබාගෙන සිටී.

    උපතිස්ස සිරිගම්පල කළමණාකරුවා අද තමන්ගේ ජීවිතයේ අතීතය දෙස හැරී බලයි. ආ මග කෙතරම් සුන්දරද ? එදා සහ අද සංසන්ධනාත්මකව බැලීමේදී ඔහු අද පරපුර, දහම්පාසල, දෙමව්පියන් සහ ගමේ දියුණුව පිළිබඳවද සතුටින් කථා කරයි. එදාට වඩා අද දවසේ දෙමාපියන් සහ දහම්පාසල අතර අතර ඉතා හොඳ බැඳීමක් ඇති බව සිරිගම්පල මහතාගේ අදහසයි. අපි ද එය අනුමත කරමු. වර්තමානයේ දහම්පාසල තුළ සිදුවන සෑම කාර්යයක් කෙරෙහිම දෙමාපියන්ගේ නොමඳ සහය ලැබෙන බව සත්‍යයකි.

    වේවැල්දූව ගමේ හැදී වැඞී විහාරස්ථානය, දහම් පාසල ඇසුරු කොට ගමේ සමාජික කටයුතු වල නිරතව තම පෞද්ගලික ජීවිතයද ඉතා හොඳින් සාර්ථක කරගත් සිරිගම්පල කළමණාකාර තුමා, පිළිබඳ අපි අද සතුටින් බලා සිටිමු. එ් සතුට වඩාත් වැඩිවන්නේ එ් මග යන අපගේ වර්තමාන පරපුර එවන් උත්තම චරිත වල යහගුණ ආදර්ශයට ගන්නේ නම් පමණි.

    සිරිගම්පල මහතාණෙනි ඔබට දිඝාසිරි !

පාලිත කේ. විජේසිංහ
නො. 125/3