වේවැල්දූව - කවි

ඉදිවුන තැනින් තැන සුවිසල්     මන්දීර
මේ ගම මැදින් වැටිලා ඇත       මහපාර
වතුපිටි වල ඉදී ඇත රඹුටන්     පේර
වේවැල්දූව ගම් පියසකි සරු    සාර

යදමක්මෙන් ගම හා බැඳුන       පන්සල
එහි මුල් තැනය එගමෙහි දහම්       පාසල
ගුරුවරු සමග දරු දැරියන්              සකස් කළ
මෙම පත ගමට ගෙන එයි පුවත්       ගොනුකළ

‘වේවැල්දූව’ නම් මංගල                 පත්තරය
හෙළිකර තිබුණෙ ගම හා බැඳි     තොරතුරුය
ඔපවත් කරන්නට ගම හා                 පරිසරය
මෙපුවත් මැවුම අප කාටත්                  ඉමිහිරිය

මෙහි තොරතුරු අගෙයි අරමුණ           උදාරයි
තොරතුරු ලොකු කුඩා කාටත්                 අදාලයි
මොහොතින් මොහොත ගම තොරතුරු     වෙනස් වෙයි
මෙම පත දිනේවා !  එය මගේ                  පැතුමයි

දැල්වෙන මෙන්ම මෙහි නිවුණවු          පහන්තිර
ගැන මෙම පතෙහි ඇත තොරතුරු     අරුත්බර
කරනට මෙහෙවරක් මෙගමට             නිරන්තර
හොඳ අරමුණින් ඇත හරි හැටි              සකස්කර

සිරිපාල දියුණුගල
ශාන්ත මේරි උද්‍යානය