නෙතුමි සහ සඳලි - 1



     උදෑසන අවදි වූ නෙතුමි යහනේම වාඩි වී කල්පනාවට වැටුනාය. තම අත්ල මතින් වැටී තිබූ සුවසේ නිදන තම නැගණිය වූ සඳලිගේ දිගු වරසේ කෙස් රොදවල් අතින් ඉවත් කළ නෙතුමිට සිහිපත් වූයේ ශාදිකය. අද දින ශාදික හමුවීමට තමා පසුගිය දිනවල කොතරම් ඇඟිලි ගනිමින් සිටියා දැයි ඇයට සිතිණි.

    එක් වරම නෙතුමිගේ සිතට ආවේ අනාගතය ගැන අවිනිශ්චිත සිතුවිලි මාලාවකි. වෙළෙඳ ආයතන කීපයක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙකු වන තම පියා, ශාදික වැනි මධ්‍යම පාන්තික කෙනෙකුගේ අත ගැනීමට කෙදිනකවත් තමාට කැමැත්ත නොදෙන බව ඇය දනියි.

    තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහා නීතියට පිටින් බොහෝ දේ කරන නෙතුමිගේ පියා වන රිචඞ් මඩුගල්ලට පොලීසිය යන අකුරු හතර ද නායාට අඳුකොල මෙනි. එබැවින්, ශාදිකගේ පියා වෘත්තියෙන් පොලීස් පරීක්‍ෂකවරයෙකු නිසා ශාදික ගේත් තමාගේත් ආදර සම්බන්ධය දැනගත් දිනෙක තම පියා කුමකින් කුමක් කරාවිදැයි නෙතුමිට සිතාගත නොහැක.

    කෝටිපති ව්‍යාපාරිකයෙකු වන තමාගේ වැඩිමහල් දියණිය වන නෙතුමි පොලිස් පරීක්‍ෂකවරයෙකුගේ පුතෙකු වන ශාදික සම`ග ඇතිකරගෙන ඇති සම්බන්ධය දැනගත් මොහොතක, ඔහු තම හදවතින් නැගෙන කෝපාග්නිය තම බිරිඳට හා නෙතුමි - සඳලි දියණියන්ට පමණක් නොව තමන් පදිංචිව සිටින සුපිරි තෙමහල් ප‍්‍රාසාදයේ සේවය කරන සේවකයින් කෙරෙහි ද මුදාහරිනු ඇත.

    කොතරම් සැපසම්පත් විඳිමින් සුඛෝපභෝගී තෙමහල් නිවසක ජීවත් වුවද, තම හදවතේ නැගෙන සියලූ ප‍්‍රශ්න කතා කිරීමට සිටින්නේ තම නැගණිය වන සඳලි පමණක් ම නොවේදැයි නෙතුමිට සිතිණි. තම පවුලෙන් ශාදික ගැන දන්නේ ද සඳලි පමණි.

    පියා පොලිස් පරීක්‍ෂකයෙකු වුවුද ඊට වෙනස් ක්‍ෂේත‍්‍රයක් තෝරාගත් ශාදික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ජීව විද්‍යා ශිෂ්‍යයෙකි.

    තම නිවසට අවශ්‍ය යමක් මිලදී ගැනීමට තම පියාට අයත් සුපිරි වෙළෙඳ සැලට පැමිණි ශාදික අතින් නොදැනුවත්ව එහි රාක්කයක තැන්පත් කර තිබූ මිල අධික සුවඳ විලවුන් බෝතලයක් බිම වැටී කැඞීයාම නිසා එම අලාභය ගෙවීමට ඔහු සූදානම් වෙද්දී එදින එහි අහම්බෙන් ගොස් සිටි තමාට ශාදික මුණගැසුණු අයුරු ද නෙතුමිට මැවී පෙණුනි. එදින එහි කළමණාකරු නොසිටි හෙයින් සිද්ධිය තම පියා දැනගැනීමෙන් වලකා සිදුවූ අලාභයට මුදල් නොගෙන ම එම සිදුවීම සමථයකට පත් කරන්නට නෙතුමිට හැකි විය.

    එදා එම සිද්ධියෙන් පසු ශාදික තම පියාගේ සුපිරි වෙළෙඳ සැලට පැමිණි කීප වතාවකම තමා හා සුහදව කතා බහ කළ අයුරුත් ඉන් පසු ක‍්‍රමයෙන් ශාදික තම හදවතට සමීප වූ අයුරුත් නෙතුමිට කල්පණා විණි.

    හදිසියේම සාලයේ බිත්තියේ වූ ඔරලෝසුවෙන් වේලාව දර්ශනය වූ නෙතුමි කල්පනා ලොවෙන් මිදුණාය.

    තමා පාසල් අධ්‍යාපනය අවසන් කර හදාරන ගණකාධිකරණ පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සඳහා පුස්තකාලයට යන බව කියා නිවසින් ගිය හොත් අද දින ශාදික හමුවිය හැකි බව ඇයට සිතුණි.

    රියදුරු සුමනදාස විසින් පදවන ලද නෙතුමි රැුගත් මොටර් රථය නුවර පාරේ කිරිබත්ගොඩ දෙස සිට මහර පුස්තකාලය දෙසට ඇදෙමින් තිබුණි. ඇතැමි අවස්ථාවල යම් යම් කරුණු සඳහා කෝප ගන්නා පුද්ගලයෙකු වුවද මඩුගල්ල මහතා තම නෙතුමි හා සඳලි දියණියන්ට මහත් සේ ආදරය කළේය. ඔවුන්ගේ පන්ති ගමන් හා අනිකුත් ගමන් සඳහා ඔහු බොහෝ විට ඔවුන්ට තම මෝටර් රථය ලබාදුන්නේය. මඩුගල්ල මහතා සිතුවේ බස්රථ වල ගමන් කිරීමෙන් දියණියන් වෙහෙසට පත්වීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් විය හැකි බවයි. 

    තම බිරිඳ වන සුජාතා මඩුගල්ල ගේ හා නිවසේ කටයුතු සඳහා ලඟදී තවත් කුඩා මෝටර් රථයක් මිලදී ගෙන ඇත.

    මීට මාස කීපයකට පෙර රියදුරු බලපත‍්‍රය ලබාගත් නෙතුමි එම අලූත් කුඩා මොටර් රථය තම ගමන් සඳහා පියාගෙන් ඉල්ලා සිටියද ඔහු එය ලබාදුන්නේ අවස්ථා කීපයකදී පමණි. මඩුගල්ල මහතා සිතන්නේ ශ‍්‍රී ලංකාවේ අංක එක දරණ මහාමාර්ගය ලෙස සැලකෙන නුවර පාරේ තනිවම රිය පැදවීමට තරම් ලඟඳී රියදුරු බලපත‍්‍රය ලබාගත් නෙතුමිගේ පලපුරුද්ද තවමත් මදි බවය.

    නෙතුමි මේ දිනවල පුල පුලා බලා සිටින්නේ ව්‍යාපාරික කටයුතු සඳහා තම පියා කෙටි කලකට හෝ විදේශ ගතවන තුරුය. එවිට, සඳලි නංගී පන්ති වලට ඇරලීම සඳහා මවගෙන් කුඩා මොටර් රථය ඉල්ලාගැනීම පහසු වන අතර හැකි තරම් වේලාවක් රථය තමා ලඟ තබාගෙන ශාදික සමග ඇවිදීමට ද පහසුය.

    නෙතුමිගේ ජංගම දුරකථනයට සඳලිගෙන් ඇමතුමක් ආවේය.

    ”අක්කා, ඔයාල පරිස්සමින්, ලයිබ‍්‍රරි එකෙන් වැඩිය පාරට එන්න එපා. තව ටිකකින් තාත්ත වැඩකට ඔය පැත්තට එයි.”

    ”හරි නංගි, තෑන්ක්ස්. මොනව හරි තිබුනොත් කියන්න”
    නෙතුමි ඇමතුම විසන්දි කළාය.

- මතු සම්බන්ධයි -

වරුණ සූරසේන
නො. 144/3