කළගුණ සළකමු

කෙනෙකුට යම් උදව්වක් උපකාරයක් කළ විට උපකාරය ලද තැනැත්තා විසින් උපකාර කළ තැනැත්තාට පෙරලා උපකාර කිරීම කළගුණ සැළකීමයි. ඈත අතීතයේ සිටම එය උසස් ගුණයක් ලෙස සළකා තිබේ. බුද්ධ චරිතයේද එය උසස් ගුණයක් බව තමන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට උපකාරී වූ ඇසතු රුකට සත් දවසක් තිස්සේ ඇසිපිය නොහෙලා බලාසිටීමෙන් කළගුණ සැළකූ අයුරු අපේ සිහියට නැගේ. අපේ පැරණි මුතුන්මිත්තන් පවා ගමනක් බිමනක් යනවිට නැවතී සිටි අම්බලම අතු පතු ගා පිරිසිදුකොට තබා යාමේ සිරිතක් ගැන අප කුඩා කාළයේදී අසා ඇත. එහි කිසියම් සත්‍යයක් තිබේ. මිනිසාට සිතන්නට පුළුවන් මනසක් තිබේ. හොඳ නරක තේරුම් ගැනීමට කල්පනා ශක්තියක්ද ඇත. එ් නිසා මිනිසා විසින් මිනිසාට කරන ලද උදව් උපකාර වලට ප‍්‍රති උපකාර කිරීම යුතුකමක් ලෙස සලකා තිබේ. එමගින් මිනිස්කමේ බලය පිළිබිඹු වේ.

රිෂිනි සඳනිකා
7 ශ්‍රේණිය