බුදු දහමින් සුවපත් වූ කාන්තා සමාජය

බුදු දහම පහළ වීමට ප‍්‍රථම ඉන්දීය සමාජය තුළ අතිශයින් සංකීර්ණ වූ සමාජ පරිසරයක් පැවති බවට තොරතුරු හෙළිවේ. එහිදී ”වාසෙට්ඨ සූත‍්‍රයෙහි” සඳහන් ආකාරයට වර්ණ භේදය, කාන්තා සමාජයේ වරප‍්‍රසාද සීමාකිරීම සමාජ ප‍්‍රභවයේ පැවති ප‍්‍රභේද ආදී සමාජීය ලක්‍ෂණ සියල්ල වේදය ගුරු කොට ගත් බ‍්‍රාහ්මණ සමාජය විසින් විග‍්‍රහ කරන ලදී. සමාජ සංවිධානයේ ආධිපත්‍ය බ‍්‍රාහ්මණයන් සතු වූ අතර බ‍්‍රාහ්මණ මතයට අනුව සියල්ලන්ට අධිපති මහා බ‍්‍රහ්මයාය යයි විශ්වාස කරන ලදී. ඔවුන්ගේ දහමට අනුව සමාජය, බ‍්‍රාහ්මණ, ක්ෂත‍්‍රීය, වෛශ්‍ය හා ක්‍ෂුද්‍ර යයි ප‍්‍රධාන වර්ණ හතරකින් යුක්ත වූ අතර මහා බ‍්‍රහ්මයාගේ මුඛයෙන් බ‍්‍රාහ්මණයන් ද, බාහුවලින් ක්ෂත‍්‍රීයන් ද, කලවයෙන් වෛශ්‍යයන් ද, දෙපාවලින් ශුද්‍රයන් ද, පහළ වූ බව සමාජ ප‍්‍රභවය පිළිබඳව ඔවුන් කරුණු ගෙනහැර දක්වන ලදී, මෙසේ ප‍්‍රභේද වූ සමාජ ස්ථර වල වගකීම් පිළිබඳව දැඩි අවධානයක් ඔවුන් විසින් යොමු කරන ලදී.

    බ‍්‍රාහ්මණ මතයට අනුව කාන්තාවට හිමි වූයේ ඉතා පහත් ස්ථානයකි. ඇය සමාජය තුළ වහලියක් බවට පත් විය යුතු බවට වේද ග‍්‍රන්ථ තුළින් ප‍්‍රකාශයට පත්කර තිබුණි. ඇය බාල වයසේදී පියා යටතේත්, විවාහයෙන් පසු සැමියා යටතේත්, ස්වාමියා මිය ගිය පසු එනම් වැන්දඹු වූ කළ තම දරුවන් යටතේත් ජීවත් විය යුතු බව වෛදික ග‍්‍රන්ථ වල දක්වා ඇත. කාන්තාවන් ට ප‍්‍රඥාව නැති බවත් ගැහැණු දරුවන් ලැබීම අසුභ සිද්ධියක් ලෙසත් සළකන ලදී. ඇයට ජීවන ගැටළු විසඳ ා ගැනීමට ප‍්‍රමාණවත් මානසික ශක්තියක් නැති බැවත් කායික බලය මෙන්ම මානසික බලයද නැති බවයි බමුණු මතය වූයේ. මේ බමුණු ආධිපත්‍ය තුළ ඇයට ආගමික ආශිර්වාදය ලබා ගැනීමේ අයිතිය ද අහිමි විය. ආගමික පාඨ කියවීම හෝ කියවන විට අසා සිටීම ද තහනම් කර තිබුණි. මේ අනුව බ‍්‍රාහ්මණ සමාජයට අනුව කාන්තාවට සමාජයේ සියලූ වරප‍්‍රසාද අහිමි වූ තත්වයක් පැවතුණි.

    මෙවැනි විෂම සමාජයක් පැවති කාල වකවානුවක පහළ වූ බුදුන් වහන්සේගේ දේශනාවන් මගින් සියලූ ලෝක සත්වයාටම යහපත සැලසුනි. බමුණු වර්ණභේද පිළිවෙත දෝෂ දර්ෂනයට ලක්කරමින් ”වසල සූත‍්‍රයෙන්” පෙන්නුම් කළේ කෙනෙකු වසලයකු හෝ බ‍්‍රාහ්මණයෙකු හෝ වන්නේ ඔහුගේ ක‍්‍රියාකාරකම් අනුව බවයි. ඊට අමතරව මහා බ‍්‍රහ්මයාගේ අඟ පසඟ වලින් මිනිසා බිහිවේ යැයි යන්න මිත්‍යාවක් බවත් එය සිදුවන්නේ මනුෂ්‍ය ස්ත‍්‍රියගෙන්ම බවත් පෙන්වා දෙයි. සංයුක්ත නිකායේ දක්වන ආකාරයට

    ”න සෝ සබ්බේසු ඨානේසු
    පුරිසෝ හෝති පණ්ඩිතෝ
    ඉතිපි පණ්ඩිතා හෝති
    තත්ථ තත්ථ විචක්ඛණා

    සෑම තැනකදීම පිරිමියා පඬිවරයෙකු නොවන බවත් එ් එ් අවස්ථා වලදී විචක්‍ෂණ නුවණින් ක‍්‍රියා කරන ස්ත‍්‍රීන් ද පඬිවරයෙක් වන්නේය යන බවත්ය.

    බෞද්ධ දර්ශනයට අනුව ”කර්මය” ද ස්ත‍්‍රී පුරුෂ වශයෙන් භේදයක් නැති බව ස්ථිරවම පෙන්වා දී ඇත. මේ ආකාරයට කාන්තාවන්ගේ සමාජීය හා ආගමික නිදහස බෞද්ධ දර්ශනය මූලික කරගෙන ඇති වූ බවත් සමාජයේ කොන් වී සිටි කාන්තාව ඉදිරියට ගෙන මිනිස් අයිතිවාසිකම් දීමට ගත් ක‍්‍රියාමාර්ග කීපයකි.   

    බුද්ධ ශාසනයේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන සිව්වවනක් පිරිසෙන් අඩක්ම කාන්තාවන්ගෙන් යුක්ත වීම වැදගත් සිදුවීමකි. එ් අතරින් අග‍්‍රස්ථානය ලැබූ භික්‍ෂුණීන් රාශියකි. එසේම බුද්ධ ශාසනයට කාන්තාවන් ඇතුළත් කිරීමේදී භික්‍ෂුණී සමාජය සුරක්‍ෂිත කොට එමගින් භික්‍ෂුණීන් ගේ ආරක්‍ෂාව හා අභිවෘද්ධිය සැලසෙන ආකාරයට අෂ්ඨ ගරු ධර්ම පනවා එ්වා ආරක්‍ෂා කිරීම තුළින් භික්‍ෂුණීන් ගේ මහණ උපසම්පදාව ආරක්‍ෂා වන ආකාරය පැහැදිලි කරමින් කාන්තා සමාජය භික්‍ෂුණීන් බවට පත්වීමේ අවස්ථාව ලබා දීමෙන් ක‍්‍රමානුකූලව ආගමික නිදහස ලබාදීමට කටයුතු කළ එකම ශාස්තෘවරයා බුදුන් වහන්සේ බවයි.
    මෙලොව ආරම්භ වූ භික්‍ෂුණී ශාසනය විනය හා ධර්ම යන දෙකින්් පෝෂණය වෙමින් මහජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වෙමින් රාජ්‍ය කටයුතු වලට පවා භික්‍ෂුණීන්ගේ අනුශාසනා ලබාගත් බව ඉතිහාසයේ තොරතුරු වලින් හෙළිවේ. මේ ආකාරයට නිදහස් සිතුම් පැතුම් බිහිවීමට මග පෑදුනි.

    බුදුන් වහන්සේ විවිධ සූත‍්‍ර ධර්ම තුළින් කාන්තා සමාජය සාර්ථක  කර ගැනීමට කරුණු පැහැදිලි කර දුන් අවස්ථා ද බොහෝ විය. විවාහක භාර්යාවක් හඳුනා ගැනීමේදී රටාවන් 6 ක් ගැන කරුණු දැක්විය. එනමි මිත‍්‍ර භාර්යා, මාතු භාර්යා, භගිනි භාර්යා, වශයෙන් පිළිගතහැකි භාර්යාවන් ද දාසි භාර්යා, චෝර භාර්යා, වධක භාර්යා වශයෙන් අනුමත කළ නොහැකි භාර්යාවන් ද ලෙස ඉදිරිපත් කර ඇතිතේ සමාජයේ සිදුවන වැරදි වලින් ඔවුන් බේරා නිර්දෝෂී කාන්තා සමාජයක් බිහිවනු දැකීම උදෙසාය.   

    එමෙන්ම ගිහි ජීවිතයේ දී කාන්තාවන් විසින් සම සද්ධා (ආගමික ශ‍්‍රද්ධා), සම ශීල (ශිලයෙන් යුක්ත වීම), සම ත්‍යාග (ත්‍යාගශීලී බව*සම ප‍්‍රඥා (ප‍්‍රඥාව ඇති බව) යනුවෙන් යහපත් ගුණාංග හතරකින් යුක්ත වීම තුළින් සාර්ථක ගිහි ජීවිතයක් මග සාදා ගත හැකි බවද පෙන්වා දී ඇත. මේ අනුව මාතෘත්වය හා භා........ යන නාමයන් කාන්තා සමාජයට උරුම වූයේ බුදු දහම නිසාය.

    ඉහත කරුණු දෙස විමසිල්ලෙන් බලන විට බුදුන් වහන්සේ ලෝකයේ පහළ වන විට සදා කාලික වහලියක් බවට පත්ව සිටි කාන්තාව උන්වහන්සේගේ ධර්මය තුළින් ස්වකීය බුද්ධි මහිමය හෙළිකරමින් යහපත් චින්තනයකට, සමාජ සේවයකට, යහපත් ගෘහ ජීවිතයකට නිදහස්ව තම බුද්ධිය මෙහෙය වමින් කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇත
   
ආචාරිණී කුමුදුනී රත්නකාන්ති