කැලණිය, වේවැල්දූවට මාසික පුවත් සඟරාවක්


පැරණි කැලණි පුරවරයේ වේවැල්දූව නම් ග‍්‍රාමය ඉතාමත් දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නකි. එදා මෙදා තුර මෙම පුරවරයේ සිදු වූ සිදුවීම් අපමණය. එවන් වූ රසවත් තොරතුරු පිළිබඳ ව අදටත් අප අතර ජීවතුන් අතර සිටින වැඩිහිටියන් පවසන්නේ එ් සොඳුරු මතකයන් හට යළි යළිත් ප‍්‍රාණය ලබාදෙමිණි.

ශ‍්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයත්, ඩිංගියාවත්ත ක‍්‍රීඩා පිටියත් එ් බොහෝ රසබර මතකයන් ගේ නිජබිම් වූ අතර මුල් යුගයේ ගමෙන් බිහිවූ සියලූ සමිති සමාගම්, මිතුරු හවුල් පමණක් නොව බොහෝමයක් අවාහ විවාහයන් ද මෙම ස්ථානයන් ඇසුරු කරගනිමින් සිදු වී තිබිණ. 

පසු කලෙක ඇතැමුන් ගමෙන් බැහැරට ගියද එය අභිබවමින් බොහෝ පිරිස් වේවැල්දූවට පැමිණ පදිංචි වන්නට බොහෝසෙයින් ඇලූම් කළහ. ගමට මායිම් වූ කැලණිය විශ්වවිද්‍යාලයත්, ගමෙහි මෙන්ම ගම අවටින් බිහි වූ නම් දැරූ කර්මාන්තශාලාත් වත්තල නගරයට මෙන්ම කිරිබත්ගොඩ වෙළෙඳ පුරවරයට ඇති සමීප බවත් ගමෙහි අගය තව තවත් වැඩි කරන්නට හේතු විය. 

එසේ වූ අතීතයත් වර්තමානයත් යාකරන්නට පමණක් නොව අනාගතයේ සිදුවීමට අපේක්‍ෂිත දෑ පිළිබඳ ව ද වත්මන් ගම්වැසියන් දැනුවත් කරවීම මෙම පුවත් සඟරාවේ ප‍්‍රමුඛ අපේක්‍ෂාවන් වන්නේය.

ඈත අතීතයේ තොරතුරු, මෑත තොරතුරු, පසුගිය මාසය තුළ සිදුවූ වැදගත් සිදුවීම්, අදාල මාසය තුළ ගමෙහි සිදුවීමට නියමිත වැදගත් තොරතුරු පමණක් නොව ග‍්‍රාමසේවක මහතා, පවුල් සෞඛ්‍ය නිළධාරිනිය විසින් නිකුත් කරනු ලබන නිවේදන ඔබ වෙත දැනුවත් කරවීමට ද, එදවස අප ගමට අනුපමේය සේවාවක් සිදුකර අප අතරින් වියෝ වූ අපේ මුතුන් මිත්තන් සහ අපේ ගමේ හැදී වැඞී සමාජයේ ඉතා ඉහලට ගොස් ගමට ආලෝකයක් වූ ආදර්ශමත් පුද්ගල චරිත ඇගයීම සඳහා ද ඉඩක් වෙන්කර ඇත. තවද ගමේ වෛද්‍යවරුන් විසින් ඔබට ගෙනෙණන සෞඛ්‍ය පිණිවුඩ, රසනහර පිනායන කෑම වට්ටෝරුද මෙම සඟරාවේ අගය තවතවත් වැඩි කරනු ඇත. 

ඔබ වෙනුවෙන් ම වෙන් වූ මෙම සඟරාව සඳහා ඔබට ද දායක විය හැකි බව සිහිපත් කරණුයේ මහත්වූ සතුටිනි. ඔබගේ නිර්මාණයන්, හරබර ලිපි පමණක් නොව යටගිය දවස රසබර සිදුවීම්, ඔබගේ සමිති සමාගම් වල නිවේදනයන්, ඔබ විසින් සිදුකරනු ලබන සමාජ සත්කාරයන් පමණක් නොව ඔබ විසින් ලබාගත් සුවිශේෂී ජයග‍්‍රහණ පිළිබඳ තොරතුරු ද පළකිරීමට අප සැදී පැහැදී බලා සිටිමු.
ප‍්‍රහේලිකා වැනි තරඟ මගින් ලොකු කුඩා කා හටත් දැනුම, විනෝදය ගෙනෙන අතර ජයග‍්‍රහණ සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට ද අප කටයුතු යොදා ඇත.

එමෙන් ම ජාති, ආගම්, දුප්පත් පොහොසත් වැනි සියලූ භේදයන් නොසලකා ග‍්‍රාම වාසී සියල්ලන් හට එකසේ සළකමින් සෑම නිවසකටම එක් පිටපතක් ලබාදීමට අප අදහස් කරනු ඇත. මේ සඳහා අපහට විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර එම මුදල දැන්වීම් ප‍්‍රචාරය කිරීම මගින් පියවාගැනීමට අප විසින් අදහස් කර ඇත. එ් අනුව ප‍්‍රදේශයේ සියලූ ව්‍යාපාරිකයින් හා සුභ පතන්නන් හට මේ සඳහා දායක වන ලෙස අප ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමු. පිටපත් 700 ක පමණ ප‍්‍රමාණයක් ප‍්‍රදේශයේ ව්‍යාප්ත වීම මගින් ඔවුන්ට විශාල ප‍්‍රතිලාභ ලබාගැනීමට හැකිවීම විශේෂයෙන් සඳහන් කළ යුතුමය.

ඔබේ නොමසුරු දායකත්වය නොමැතිව මෙම සත් ක‍්‍රියාව සඵල කරගැනීමට සහ පවත්වාගෙන යෑමට නොහැකිවනු ඇති බව වාඩා අවධාරනය කළ යුතුය. සෑම නිවසකටම පිටපතක් නොමිලයේ ලබා දෙන අතර ඔබ කැමතිනම් පමණක් එ් සඳහා රුපියල් විස්සකින් ආධාර කළ හැකිය. එය අපට විශාල ශක්තියක් වනු ඇත.

එ් පිළිබඳ වැඩිදුර තොරතුරු ලාබගැනීම සඳහා  ඕනෑම මොහොතක අප අමතන්න.

    චලිත     -     0715 822 052
    සජිත     -     0714 919 123