ඩෙංගු මාරාන්තිකයි. එ්ත් වැළැක්විය හැකියි.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මේ වන විට ජනමාධ්‍ය ම`ගින් කොතරම් දැනුවත් කිරීම් සිදු කළ ද, එයින් සිදුවී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට අසූවකට අධිකය. රෝගීන් සංඛ්‍යාව එකොළොස් දහසකට අධිකය. සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට, නිසි ක‍්‍රියාමාර්ග නොගතහොත් එම සංඛ්‍යා වල ශීඝ‍්‍ර වැඩි වීමක් අපේක්‍ෂා කළ හැකියි. අප රටේ පළමු වරට ඩෙංගු රෝගය වාර්තා වී ඇත්තේ 1965 - 1966 වසරේදී වන අතර, ඉන් 6 දෙනෙකු මියගොස් ඇත. 1989 වසර සිට මෙය ප‍්‍රධාන වසංගත රෝගයක් බවට පත්වී තිබේ. සියයට 0.4 ක අගයක පැවති ඩෙංගු මරණ අනුපාතිකය ලාංකික ඉතිහාසයේ ප‍්‍රථම වරට 2009 දී සියයට 1.1 දක්වා ඉහළ ගියේය. එම වසරේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 35007 ක් ව අතර මරණ සංඛ්‍යාව 436 ක් විය. උක්ත අනාවැකියට අනුව මෙම සංඛ්‍යාවන්හි වැඩි වීමක් නොමවේ යයි කා හට කිව නොහැකි ද ?

ඩෙංගු සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු කරුණු:-
මෙය වෛරසයක් ම`ගින් වැලඳේ. වෛරස් වර්ග 4 කි. එයින් කෙනෙකුට සිවු වරක් වත් ඩෙංගු වැළඳීමේ හැකියාව ඇත.

ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ වලට අයත් ගැහැණු සතුන් දෂ්ඨ කරනුයේ උදේ 7 - 10 ත් අතර සහ සවස 3 - 6 ත් අතරය.

මදුරු බිත්තර පිරිසිදු ජලයේ වර්ධනය වේ. එබැවින් එවන් ස්ථාන විනාශ කර දමන්න.

රෝග ලක්‍ෂණ හා ප‍්‍රථිකාර
තද උණ, ආහාර අරුචිය, හිසරදය, ඔක්කාරය, වමනය, ඇස් යට රිදීම, ඇ`ගපත රීදීම සහ රුධිර පට්ටිකා සංඛාව අඩුවීම මූලික රෝග ලක්‍ෂණ වේ.
ප‍්‍රථිකාර වශයෙන් ඇඳ විවේකය, ජලය, කැඳ, සුප්, පළතුරු යුෂ, වෛද්‍ය නිර්දේශ මත පානය කිරීම. උණ අඩු කරගැනීමට වරින් වර තෙත තුවායකින් ඇඟපත පිස දැමීම.

විශේෂයෙන් සැළකිය යුතු කරුණු කිහිපයක්
:-

දින 3කට වැඩියෙන් උණ පවතී නම් පමණක් වෛද්‍ය නිර්දේශ මත රුධිර පරීක්‍ෂාවක් සිදුකිරීම වැදගත් වේ. මන්ද රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩුවන්නේ තුන්වන දිනයේ සිට පමණක් බැවිනි. 

දින 2ක් ඉක්මවා උණ පවතී නම් විශේෂයෙන් කුඩා දරුවන්, අවුරුදු 60 ට වැඩි අය, ගැබිණි මාතාවන් සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි සංකූලතා ඇත්තන් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
උණ වැළඳුන විට පැරසිටමොල් පමණක් වෛද්‍ය නිර්දේශය මත භාවිතා කළ යුතුය.
    ඩෙංගු වැළැක්වීම සම්බන්ධයෙන් මෑතකදී සිදුකෙරුනු පර්යේෂනයකින් අනාවරණය වී ඇති අන්දමට අප පරිසරයට එකතු කරන අපද්‍රව්‍ය නිවැරදි ලෙස බැහැර කිරීම ඉතාමත් වැදගත් වේ. එහිදී දිරාපත් නොවන ප්ලාස්ටික් සහ පොලිතීන් භාජන වෙනුවට දිරාපත් වන අමුද්‍රව්‍ය වලින් සැදි භාජන වලට යොමුවීම වැදගත්. එසේම, තම නිවෙස් වල ඇති ජල ටැංකි, පොකුණු, මල් පෝච්චි ආදිය දිනපතා ජලය මාරු කර පවිත‍්‍ර කිරීමට, ජලය රැුඳෙන ස්ථාන විනාශ කිරීම සෑම නිවැසියෙකුගේම වගකීමක් ලෙස සළකා ක‍්‍රියා කිරීම අත්‍යාවශ්‍යය. එ් මක්නිසාදයත් මෙම අර්බුධය දේශපාලඥයින් හෝ සෞඛ්‍ය බලධාරින් හෝ ආරක්‍ෂක අංශ හෝ සෘජු ලෙස වගකිව යුත්තක් නොව, මහජනතාව විසින් ම වළක්වාගත හැකි ගැටළුවක් වන බැවිනි. 

වෛද්‍ය පවන් කරුණාරත්න
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල - රාගම
වෛද්‍යමධ්‍යස්ථානය -
154, වේවැල්දූව, කැලණිය.