වේවැල්දූවේ කරුණාදාස කිවිඳුන්


වේවැල්දූවේ කරුණාදාස කිවිඳු
    කැලණිය ප‍්‍රදේශයේ වේවැල්දූව නැමති කුඩා ගම්මානය දිවයිනේ සුප‍්‍රසිද්ධ ග‍්‍රාමයක් බවට පත්වූයේ හැටේ දසකයෙන් පසුවය. එයට මූලික වූ හේතූන් කිහිපයකි. ප‍්‍රධානතම හේතුව වූයේ වේවැල්දූවෙන් බිහිවූ කරුණාදාස නම්වූ කවියාය. වේවැල්දූව ශ‍්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරයත්, ශ‍්‍රී ලංකා එක්සත් ක‍්‍රීඩා සමාජයත් අනෙකුත් හේතූන්ය. එවකට ප‍්‍රධානතම මාධ්‍ය ලෙස සැලකුණු ගුවන් විදුලි සේවයෙන් මුළු ලක්බිමම හිටිවන කවියෙන් පිනවූ වේවැල්දූවේ කරුණාදාස කිවිඳු ප‍්‍රසිද්ධියට පත්වූයේ ‘වේවැල්දූවේ කරු’ යනුවෙනි. වේවැල්දූව ශ‍්‍රී නාගරුක්ඛාරාමයත් නිවන්දම ශ‍්‍රී දීපදුත්තාරාමයත් යන විහාරස්ථාන වල විහාරාධිපතිව වැඩ වාසය කළ නිවන්දම ශ‍්‍රී ධර්මකීර්ති හිමිපාණන් වහන්සේ එවකට පැවතී කරු උපහාර උළෙලකට ඉදිරිපත් කළ ලිපියක අපූරු අදහසක් ඉදිරිපත් කළහ. ”නුවරපාරේ දරමඩුව හන්දියෙන් බසයෙන් බසින කිසිවෙක් වේවැල්දූව ග‍්‍රාමය ගැන නොදනී. එ් කරුණාදාස කවි කියන්නට පෙරය. එසේම ශ‍්‍රී ලංකා එක්සත් ක‍්‍රීඩා සමාජය බිහිවෙන්නටත් පෙරය. අද වේවැල්දූව ගැන නොදන්නේ ඊයේ පෙරේදා ගමට ආ කල්ලතෝනියකු පමණයි” එ් උන්වහන්සේගේ නිර්මල අදහස්ය.
    උඩුව විදානගේ කරුණාදාස වේවැල්දූව ගමට පහල වූ පහන් තරුවකි. ගමේ උන්නතිය උදෙසා හේ ඉටුකළ උදාර මෙහෙවර ලියා නිමකල නොහැක. ගමත්, පංසලත්, ක‍්‍රීඩා පිටියත් සම්බන්ධීකරණය කරමින් හේ ඉටුකළ ආගමික, සාමාජීය හා සංස්කෘතික මෙහෙවර අතිමහත්ය. එදා ශ‍්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ විහාර වර්ධන සමිතියේ භාණ්ඩාගාරික ධූරය උසුලමින් 80 දශකයේ හේ දැවැන්ත කාර්යභාරයක් ආරම්භ කළේය. එ් විහාරස්ථානයට මහත් අඩුවක්වූ නව බුදුමැදුරක් ගොඩනැගීමය. එවකට පංසලේ වූ බුදුගෙය හතරදෙනෙකුටවත් එකවර රැුඳෙමින් බුදුන් වැඳීමට ඉඩකඩ නොමැති කුඩා ගොඩනැගිල්ලකි. වර්තමානයේ පනහකට වැඩි පිරිසකට එකවර බුදුන් වැඳිය හැකි සිත් පහන් කරවන බුදු මැදුරක් නිර්මාණය කිරීමට මූලිකව කටයුතු කළ කිහිපදෙනා අතර ප‍්‍රධාන තැනක් හිමිවනුයේ කරුණාදාස කිවිඳුටය. එදා ඔහු එ් සඳහා බරපැන සොයාගැනීමට මල්වට්ටි වෙන්දේසි මෙහෙයවූයේය. සල්පිල් සංවිධානය කළේය. කවිමඩු පැවැත්වූයේය. රූකඩ සංදර්ශන පැවැත්වූයේය. එදා එසේ නිමකරණු ලැබූ බුදු මැදුරේ අද අප මහත් ශද්ධාවෙන් භක්තියෙන් බුදු පියාණන් වහන්සේ වඳිමු.    



    එ් කාල පරිච්ෙඡ්දයේදී දහම් පාසලේ උගත් දරු දැරියනට කරුණාදාස විශාල ශක්තියක් විය. හේ දහම් පාසලේ දරුවන් අතර කථීක තර`ග, කවි ගායනා තර`ග සංවිධානය කළේය. මගේ ගමේ දරු දැරියන්ට සබකෝලයෙන් තොරව යමකට නොබියව ඉදිරිපත් වීමේ හැකියාව ඇතිකරනවායයි යන අධිෂ්ඨානය ඔහු තුළ විය. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් හේ ලබා සිටියේය. සති අන්ත දිනවලදී ගමේ දූ දරුවන් විහාරස්ථානයේ ධර්ම ශාලාවට කැඳවා ඔවුනට ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වූයේය. හේ මේ සඳහා කිසිදු මුදලක් අය නොකළේය. එපමනක්ද නොව දරු දැරියන්ට අවශ්‍ය පොතපත නොමිලයේ බෙදාදීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළේය. එවකට ධර්ම විද්‍යාලයේ දරු දැරියන් විශාල ප‍්‍රමාණයක් සමබන්ධ කරගෙන පේෂකාර දූ, කුණ්ඩලකේසි යන දැවැන්ත බෞද්ධ නාට්‍ය දෙකක් නිර්මාණය කර ප‍්‍රදර්ශණය කළේය. කුණ්ඩලකේසී නාට්‍ය නැරඹීමට  විහාර බිමට පැමිණි ජනගහනය එදා වර්ථාගත විය. එම නාට්‍ය වල රඟපෑ දූ දරුවෝ අද වාසනාවන්ත මවුවරුය, පියවරුය, වෘත්තීය වශයෙන් වෛද්‍යවරුය, ඉංජිනේරුවන්ය, දක්‍ෂ පරිපාලන නිලධාරීන්ය, ගුරුවරුය, රාජ්‍ය සේවයේ නිරතවූවන්ය, ව්‍යාපාරිකයන්ය.



    හැටේ, හැත්තෑවේ දශකවලදී වේවැල්දූව ග‍්‍රාමයේ තිබූ ප‍්‍රභලතම සංවිධානය වූයේ තරුණ බෞද්ධ සමිතියයි. එම සමිතියේ ප‍්‍රභල නිලයක් දැරූ කරුණාදාසයන් එ් තුළින් අතිමහත් පොදු ජන සේවයක් ඉටු කළේය. එවකට කැලණි රජමහ විහාරයෙන් වාර්ෂිකව පවත්වනු ලැබූ කැළණි පෙරහැර ප‍්‍රදේශයේ ප‍්‍රභලතම පෙරහැරයි. එය හැරුණු විට දැවැන්ත වාර්ෂික පෙරහැරක් පවත්වනු ලැබුවේ වේවැල්දූවේ තරුණ බෞද්ධ සමතියේ මෙහෙයවිමෙන්ය. එ් පොසොන් පෝයට පවත්වන පොසොන් මහ පෙරහැරයි. අලි ඇතුන්ගෙන් සමන්විතව වසර ගණනාවක් පැවැත්වුණු මෙම පෙරහැර වේවැල්දූව ග‍්‍රාමයේ නාමය තවතවත් දීප්තිමත් කළේය.



    ගමේ සියළුදෙනාම එ්කරාශී කරගනිමින් ඩිංගිවත්ත ක‍්‍රීඩා පිටියේ එදා වාර්ෂිකව පැවැත්වුන බක්මහ උළෙල අපූරුවට සංවිධානය කළේ කරුණාදාසයන්ය. වේවැල්දූව ග‍්‍රාමයේ තොරතුරු අඩංගු පත‍්‍රිකාවක් මාස්පතා නිකුත් කිරීමට හේ කටයුතු කළේය. එදා ගමේ පංසලේ, ක‍්‍රීඩා පිටයේ පැවති  ඕනෑම උත්සවයක පෙරමුණ ගත්තේ කරුණාදාසයන්ය. මඟුල් ගෙදරකදී අවමංගල්‍ය උත්සවයකදී ගම නියෝජනය කළේ ඔහුය.



    කොළඹ මහ නගර සභාවේ වෘත්තීය වශයෙන් රාජකාරි කටයුතු කළ හේ ඉන් අනතුරුව වත්තල නගර සභාවේ මාණ්ඩලික නිලදරුවෙකු ලෙස විශ‍්‍රාම ගන්නා තෙක් කටයුතු කළේය.

    හේ දක්‍ෂ කථිකයෙකි, හිටිවන කවියෙකි, දක්‍ෂ ලේඛකයෙකි, සාහිත්‍යකරුවෙකි, මාධ්‍ය වේදියෙකි, කලාකරුවෙකි, එ් සියල්ලටම වඩා මනුෂ්‍යත්වය හඳුනන මිනිසෙකි. 1936 වසරේ අගෝස්තු මස 16 වන දින උපන් ඔහු වේවැල්දූව ගම වෙනුවෙන්, ගමේ පංසල වෙනුවෙන්, ගමේ ජනතාව වෙනුවෙන් ඉටුකළ මහා මෙහෙවර 1998 වසරේ පෙබරවාරි මස 15 වන දින නිමාවට පත්විය. එ් හදිසියේ ඇති වූ ආබාධයකින් ජීවිතයෙන් සමුගැනීමයි. වේවැල්දූව ගමේ නම පවතින තෙක් කරුගේ නමද පවතිනු ඇත. ජීවිත කලාන්තරය තුලදී ඔහු ඉටුකළ සුවිහේෂි මෙහෙවරට ගම දැක්වූ උපහාරය ඔහුගේ අවසන් කටයුතු සිදුකළ ආකාරයෙන් විදහා දැක්වෙයි. වේවැල්දූව සුප‍්‍රසිද්ධ ඩිංගිවත්ත ක‍්‍රීඩාපිටයේදී ආදාහන උත්සව පවත්වනු ලැබුවේ ප‍්‍රදේශයේ අපවත්වී වදාල විහාරාධිපති හිමිපාණන් වහන්සේලා කිහිප නමකගේය. ඩිංගිවත්ත ක‍්‍රීඩා පිටිය මධ්‍යයේ සොහොනක් ගොඩැනැගුනේ එකම එක ගිහියෙකු වෙනුවෙනි. එ් සාමවිනිසුරු වේවැල්දූවේ කරුණාදාස කිවිඳානන් වෙනුවෙනි. 

සංඝදාස මීගොඩ
අංක 142/2