මෙත් සිසිලයි සිල් සුවඳයි

කවි ලියූ සීයා නොදුටු, මිණිබිරිය ලියූ කවි......
       

    සඳ කැළුම් වැටී මළුව     තෙමෙයි
    මඳ පවන් වැදී මැටි පහන්     නිවෙයි
    මල් සුවඳ වැදී මල් අස්න     තිබෙයි
    ගුණ සුවඳ මලින් බුදු ගුණ     පැතිරෙයි
   
    බෝ මළුව පුරා සුදු නෙළුම්     පිපෙයි
    පරිසරය පුරා සිල් සුවඳ     දැනෙයි
    බුදු මුඛය දෙසූ එ් දහම්     ඇසෙයි
    ලොව සතට දැනෙන දිව ඔසුව     එයයි


    සිත් තුළ දැල්වුණ එ් පහන්     දිලෙයි
    දෙදහස් හයසිය වෙනි වසර     ලබයි
    බුදු හිමි වෙනුවෙන් මල් පහන්     පිදෙයි
    සිත් තුළ සංකා බිය සැක     දුරුවෙයි


    අනන්ත බුදු ගුණ සයුරක්     මැව්වයි
    ජීවන මන් පෙත නිමවනු     දුටුවයි
    සසර කෙලෙස් දුක් නිමකල     හින්දයි
    මෙත් කරුණා සිහිලෙන් ලොව     දිලූනයි

නදීෂා සුභාෂිනී
අංක 115/1