එදා වේවැල්දූව........

දෙවන ලෝක මහා යුද්ධය අවසන් වූයේ 1945 වසරේදීය. ගමේ කොටසක් යට කරගෙන තිබූ හමුදා කඳවුරු ක‍්‍රමයෙන් ඉවත් කරනු ලැබීය. ඩිංගිවත්ත ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දකුණු ආසියාතික රටවලින් පැමිණි සොල්දාදුවන් සඳහා වෙන් වූ හමුදා කඳවුරකි. ජාතික නිවාස යෝජනා ක‍්‍රමයේ දකුණුදිග කොටස සහ ඊ. එ්. ගුණපාල මහතාගේ නිවසේ සිට දකුණු දිගට ඇති ප‍්‍රදේශය නාවික හමුදා කඳවුරකින් ආවරණය වී තිබුණි. එය ”මයිනා කෑමිප්” නමින් හඳුන්වනු ලැබීය. එහි  සුදු ජාතික නාවික භටයෝ ලැගුම්ගෙන සිටියහ. එම හමුදා කඳවුරු ඉතිරි කර ගිය සංකේත මේ වන විට අපගේ දසුනින් ඉවත්වී ගොස් ඇතත් ඩිංගියාවත්ත ක‍්‍රීඩාපිටිය අදද ආඩම්බරයෙන් අප දෙස බලා සිටී. මෙම ක‍්‍රිඩාපිටිය අද තිබෙණ ප‍්‍රමාණය මෙන් දෙගුණයක් තරම් එදා විශාලය. පී. එ්. ඞී. කුලතිලක මහතාගේ මහගෙදර අසලින් ඉතා පුළුල් මාර්ගයක් ඉද්ද ගැසූවාක් මෙන් විහිදී ගියේය. එම මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට ක‍්‍රීඩාපිටිය දෙසට නෙත් යොමු කළ කවරෙකුගේ වුවද නෙත ගැටුණේ සිත් ඇදගන්නා දසුනකි. එකල මෙම ක‍්‍රීඩාපිටිය සහ ඊට බටහිරට ඇති ප‍්‍රදේශය ඩිංගිවත්ත නමින් හැඳින්වූ නමුත් පසු කළෙක ක‍්‍රීඩාපිටිය ඩිංගියාවත්ත නමින් වෙනස් වූයේ කිනම් හේතුවක් නිසාදැයි මම නොදනිමි.

හමුදා කඳවුරු ඉවත් කරනු ලැබීමෙන් පසු, කලක්  ගතවන තුරු ඩිංගිවත්ත ප‍්‍රදේශය වැටකඩොළු නොමැති නිදහස් ප‍්‍රදේශයක ස්වරූපය ඉසිලීය. මෙම හේතුවෙන් ඩිංගිවත්ත ප‍්‍රදේශය කොලූගැටයින්ට පාරාදීසයක් බඳුවිය. ඉතා සරුවට වැඩුනු කජු ගස් කීපය මෙම ප‍්‍රදේශය අසිරිමත් කළේය. ඉදුනු කජු පුහුලන් දෙස මගේ වයසේ කොලූගැටයින් ඇදී ආවේ පහන් එළියට ඇදී එන පල`ගැටියන් සේය. අපගේ පය නොගැටුණු කජු අත්තක් තිබුණා නම් එ් ඉතා කළාතුරකිනි.



1947 වසරේ අගෝස්තු මස 16 වෙනි සෙනසුරාදා වේවැල්¥වේ වැඩිහිටි අයට අමතක නොවන දිනයක් විය. කැලණියේ බොහෝ ප‍්‍රදේශ යටකරගෙන එදින කැලණි ග`ග පිටාර ගැලූවේය. එය සිදුවූයේ රාත‍්‍රී කාලයේදීය. පසු දින උදෑසනින්ම මගේ මව මා අවදි කරනු ලැබුවේ අමුතුම දර්ශනයක් පෙන්වීමටය. ඩිංගිවත්ත ක‍්‍රිඩාපිටිය හරහා හුණුපිටිය දෙසට ඇදී යන මහා ජලකඳ දෙස මම මවිතයෙන් බලාසිටියෙමි. ගංවතුර නිසා ගමේ බොහෝ දෙනෙක් අවතැන් වූහ.



ගංවතුර හා බැඳුණු සිදුවීම් දෙකක් මගේ මතකයෙන් මෙතෙක් ගිලිහී ගොස් නොමැත. සීමන් මාමා, පියරත්න අයියා සහ එවකට වෛද්‍ය සිසුවෙකුව සිටි ධර්මසේන මාමාත් විනෝදයට ගංවතුරෙහි ඔරු පැද්දාහ. සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. සැඩපහරට හසුව ගසා ගෙන යන ඔරුව දෙස බලා සිටි සියලූදෙනාම භීතියෙන් ඇළලී ගියෝය. සිත මෙන්ම ගතද ශක්තිමත් කීපදෙනෙකුගේ දැඩි උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස ඩිංගියාවත්ත ක‍්‍රීඩාපිටිය අසලදී ලණු දමා ඔවුන් තිදෙනා බේරාගැනීමට හැකිවිය. අද වන විට එම තිදෙනාම අප හැර ගොස් ඇත.

තවත් දිනෙක බේකරියට ඔබ්බෙන් මහ පාරේ සිට ගංවතුර දෙස බලා සිටි මම, අප දෙසට කිසිවෙකු පීනාගෙන එන අයුරු දුටුවෙමි. ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳව මාගේ සිතතුළ ඇති වූයේ බියකි. මෙගොඩට පීනාගෙන පැමිණි ඔහු යම් වේලාවක් වැඩිහිටියන් සම`ග සුහදව කතාබස් කරමින් සිට නැවතත් ආපසු පීනා ගියේ මාගේ සිත තුළ වීරයෙකුගේ රුවක් තැන්පත් කරමිනි. එ් සිරිල් පේ‍්‍රමරත්න මහතාගේ පියාණන් වූ, එ්බරම් මාමා යනුවෙන් හඳුන්වනු ලැබූ ඇම්. රොමානිස් පෙරේරා මහතාය.

වේවැල්¥ව එදා, අද මෙන් ඉතා කළබලකාරී නොවූ නිසංසල ප‍්‍රදේශයක් විය. ගම මැදින් වැටී තිබූ ගුරු පාර දිගේ වාහනයක් ගමන් කළේ කළාතුරකිනි. මුළු ගමටම තිබුණේ මෝටර් රථ දෙකක් හෝ තුනක් හෝ පමණි. නොබෝදා අප අතරින් වියෝවූ සයිමන් කහඳවල මහතාගේ පියාගේ බරකරත්තය ගමේ පාරදිගේ ගමන් කිරීම සුලබ දසුනක් විය. කරත්තයේ ඉදිරිපස වාඩි වී ඉදිරියට හමුවන සියලූදෙනාටම සුහදත්වය පාමින් තේමිස් මාමා ගොනා මෙහෙයවූයේ ”හා යමන් පුතා ....” කියමිනි.

කජුගහකුඹුරේ ආරොන් සීයාගේ මී හරක් රංචුව ගමේ පාරේ ¥විලි අවුස්සමින් උදය කාලයේ එක් දිසාවකට යාමත් සවස ආපසු පැමිණීමත් දිනපතා දක්නට ලැබුණු තවත් දර්ශණයකි.
රාත‍්‍රී කාලයේදී ගමේ නිවෙස් ආලෝකමත් වූයේ විදුලි පහනින් නොව භූමිතෙල් ලාම්පුවෙනි. භූමිතෙල් ගැලූමක්ම (ලීටර් 4 1/2* එදා ශත 80 කට මිලදී ගැනීමට හැකියාව තිබුණි. 1953 වසර වන විට ගමේ ප‍්‍රධාන මාර්ගයේ අද තැපැල් කණුව ඇති ස්ථානය දක්වා විදුලි බලය ලැබී තිබුණි. ඉන් ඔබ්බට හුණුපිටිය දෙසට විදුලි බලය දීර්ඝ කරනු ලැබූයේ 1953 වසරේ අගභාගයේදීය.

ගමේ නිවෙස් කීපයක හැර සෙසු නිවෙස් වල වහල සෙවිලි කර තිබුණේ පොල්අතු වලිනි. මාස හයකට වරක් අලූතින් පොල්අතු සෙවිලි කළ යුතුව තිබුණි. එ් සඳහා අවශ්‍ය වූ ශ‍්‍රමය කල්තියා සූදානම් කිරීමේ සිරිතක් එදා නොපැවතුණි. පරණ පොල් අතු කඩා ඉවත්කරන අතරතුරදීම කීපවරක් හූ හඬ නැගීමේ ප‍්‍රතිඵලය වූයේ පිරිමි කීපදෙනෙක්ම එම කාර්යයට අත දීමට පැමිණීමය. එවැනි අවස්ථාවලදී සැමන් සලාදය සම`ග පාන් අනුභව කිරීමට හැමෝම ප‍්‍රිය කළහ.

වේවැල්¥ව ගමේ ග‍්‍රාමීය බවෙහි ප‍්‍රධානතම ලක්‍ෂණය වූ වෙල්යාය අද අපගේ දර්ශනයෙන් මුළුමනින්ම ඈත් වී ගොස් ඇත. වර්තමානයේ බේකරිය ඇති ස්ථානය අසලින් ආරම්භ වූ වෙල්යාය මහවත්ත, කජුගහකුඹුර ආදී ප‍්‍රදේශ අසලින් ඈතට විහිදී ගොස් දිප්පිටිගොඩ වෙල්යායට සම්බන්ධ විය. වී වැපිරීමේ මෙන්ම ගොයම් කැපීමේ සහ පෑගීමේ අවස්ථා ගමේ බොහෝ අයට කාර්ය බහුල කාලයක් විය. ගොයම් පෑගීම ගමේ ළමයින්ට ඉතාමත් විනෝදජනක අවස්ථාවක් විය.

හුණුපිටිය හරහා පැමිණි සිහින් ජලධාරාව ඩිංගියාවත්ත ක‍්‍රීඩාපිටිය අයිනේ කානුව දිගේ ගලා විත් වෙලට දකුණු දිසාවෙහි පිහිටි ඇලට ගලා බැස්සේය. එම ජලධාරාව එදා එ් අයුරින් ගලා බැස්සේ මෑතකදී අප අතරින් වියෝවූ පී. එ්. ජස්ටින් පෙරේරා මහතාගේ නිවස අසල ඇති මාදන්ගහමුල බෝක්කුව නමින් හැඳින්වූ බෝක්කුව අසල, කුඩා මාලූවන්ට කෙළිසෙල්ලම් කිරීමට සුදුසු පරිසරයක් ද සකසා දෙමිණි. එසේ සෙල්ලම් කරන නල හඳයින්, වැලි ගොව්වන්, දණ්ඩි පැටවුන් දෙස අප වැනි කොලූ පැටවුන් බලා සිටියේ බෝක්කුව උඩ දණ නමාගෙනය.

වර්ෂාව අධික කාල වලදී වෙල උතුරා යාම වසරක් තුළදී කීපවරක්ම සිදුවිය. එවැනි අවස්ථාවලදී ගමේ කීපදෙනෙක්ම මාලූ ඇල්ලීමට පෙළඹුණෝය. ලූලා, කාවයියා, මගුරා වැනි මාලූන්ට, බොහෝ දෙනෙකුගේ ආහාරය රසවත් කිරීම පිණිස ජීවිතය පූජා කිරීමට සිදුවිය.

ගමේ මරණයක් සිදුවූ විට අද මෙන් එදා කැරම් ගැසුවේ වත්, කාඞ් සෙල්ලම් කළේවත් නැත. රාත‍්‍රියේ පටන් පසුදා පහන් වන තුරු වෙස්සන්තර ජාතකය ගායනය කිරීම සිරිතක්ව පැවතුණි. එවැනි අවස්ථාවලදී ඉතාමත් ලයාන්විත අයුරින් කවි ගායනා කිරීමේ හැකියාව ගමේ කීපදෙනෙකු සතුව තිබුණි. සනේ මාමා සහ ඬේවිඞ් මාමා ඉන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාද අද අප අතර නැත.

එකල අපි ටියුෂන් පන්ති නොගියෙමු. එවැනි දෙයක් අවශ්‍යව තිබුණේද නැත. සවස් වරුවේ පැය කීපයක්ම ක‍්‍රීඩා පිටියේ ගත කිරීමේ වාසනාව අපට හිමි වී තිබුණි. ඇඳිරි වැටීමට ආසන්න වෙත්ම නම කියා උස් හඬින් අඬගසන විට නිවෙස කරා යාම අපගේ සිරිත විය. වර්තමානයේදී ළමයින්ගේ පරිභෝජනයෙන් ඈත් වී තිබෙණ වෙරළු, ජම්බු, වැලි පේර ආදිය අපට ඉතා රසවත් වූ පළතුරු වර්ග විය. අතිශයින්ම සුන්දර වූ එ් ළමා කාලය අද ළමයින්ට අහිමි වීම අභාග්‍යයකි.

ලීලාරත්න මිරිහාගල්ල
නො. 155