ඩෙංගු මාරාන්තිකයි. එ්ත් වැළැක්විය හැකියි.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මේ වන විට ජනමාධ්‍ය ම`ගින් කොතරම් දැනුවත් කිරීම් සිදු කළ ද, එයින් සිදුවී ඇති මරණ සංඛ්‍යාව මේ වන විට අසූවකට අධිකය. රෝගීන් සංඛ්‍යාව එකොළොස් දහසකට අධිකය. සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට, නිසි ක‍්‍රියාමාර්ග නොගතහොත් එම සංඛ්‍යා වල ශීඝ‍්‍ර වැඩි වීමක් අපේක්‍ෂා කළ හැකියි. අප රටේ පළමු වරට ඩෙංගු රෝගය වාර්තා වී ඇත්තේ 1965 - 1966 වසරේදී වන අතර, ඉන් 6 දෙනෙකු මියගොස් ඇත. 1989 වසර සිට මෙය ප‍්‍රධාන වසංගත රෝගයක් බවට පත්වී තිබේ. සියයට 0.4 ක අගයක පැවති ඩෙංගු මරණ අනුපාතිකය ලාංකික ඉතිහාසයේ ප‍්‍රථම වරට 2009 දී සියයට 1.1 දක්වා ඉහළ ගියේය. එම වසරේදී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 35007 ක් ව අතර මරණ සංඛ්‍යාව 436 ක් විය. උක්ත අනාවැකියට අනුව මෙම සංඛ්‍යාවන්හි වැඩි වීමක් නොමවේ යයි කා හට කිව නොහැකි ද ?

ඩෙංගු සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු කරුණු:-
මෙය වෛරසයක් ම`ගින් වැලඳේ. වෛරස් වර්ග 4 කි. එයින් කෙනෙකුට සිවු වරක් වත් ඩෙංගු වැළඳීමේ හැකියාව ඇත.

ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ වලට අයත් ගැහැණු සතුන් දෂ්ඨ කරනුයේ උදේ 7 - 10 ත් අතර සහ සවස 3 - 6 ත් අතරය.

මදුරු බිත්තර පිරිසිදු ජලයේ වර්ධනය වේ. එබැවින් එවන් ස්ථාන විනාශ කර දමන්න.

රෝග ලක්‍ෂණ හා ප‍්‍රථිකාර
තද උණ, ආහාර අරුචිය, හිසරදය, ඔක්කාරය, වමනය, ඇස් යට රිදීම, ඇ`ගපත රීදීම සහ රුධිර පට්ටිකා සංඛාව අඩුවීම මූලික රෝග ලක්‍ෂණ වේ.
ප‍්‍රථිකාර වශයෙන් ඇඳ විවේකය, ජලය, කැඳ, සුප්, පළතුරු යුෂ, වෛද්‍ය නිර්දේශ මත පානය කිරීම. උණ අඩු කරගැනීමට වරින් වර තෙත තුවායකින් ඇඟපත පිස දැමීම.

විශේෂයෙන් සැළකිය යුතු කරුණු කිහිපයක්
:-

දින 3කට වැඩියෙන් උණ පවතී නම් පමණක් වෛද්‍ය නිර්දේශ මත රුධිර පරීක්‍ෂාවක් සිදුකිරීම වැදගත් වේ. මන්ද රුධිර පට්ටිකා සංඛ්‍යාව අඩුවන්නේ තුන්වන දිනයේ සිට පමණක් බැවිනි. 

දින 2ක් ඉක්මවා උණ පවතී නම් විශේෂයෙන් කුඩා දරුවන්, අවුරුදු 60 ට වැඩි අය, ගැබිණි මාතාවන් සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි සංකූලතා ඇත්තන් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
උණ වැළඳුන විට පැරසිටමොල් පමණක් වෛද්‍ය නිර්දේශය මත භාවිතා කළ යුතුය.
    ඩෙංගු වැළැක්වීම සම්බන්ධයෙන් මෑතකදී සිදුකෙරුනු පර්යේෂනයකින් අනාවරණය වී ඇති අන්දමට අප පරිසරයට එකතු කරන අපද්‍රව්‍ය නිවැරදි ලෙස බැහැර කිරීම ඉතාමත් වැදගත් වේ. එහිදී දිරාපත් නොවන ප්ලාස්ටික් සහ පොලිතීන් භාජන වෙනුවට දිරාපත් වන අමුද්‍රව්‍ය වලින් සැදි භාජන වලට යොමුවීම වැදගත්. එසේම, තම නිවෙස් වල ඇති ජල ටැංකි, පොකුණු, මල් පෝච්චි ආදිය දිනපතා ජලය මාරු කර පවිත‍්‍ර කිරීමට, ජලය රැුඳෙන ස්ථාන විනාශ කිරීම සෑම නිවැසියෙකුගේම වගකීමක් ලෙස සළකා ක‍්‍රියා කිරීම අත්‍යාවශ්‍යය. එ් මක්නිසාදයත් මෙම අර්බුධය දේශපාලඥයින් හෝ සෞඛ්‍ය බලධාරින් හෝ ආරක්‍ෂක අංශ හෝ සෘජු ලෙස වගකිව යුත්තක් නොව, මහජනතාව විසින් ම වළක්වාගත හැකි ගැටළුවක් වන බැවිනි. 

වෛද්‍ය පවන් කරුණාරත්න
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල - රාගම
වෛද්‍යමධ්‍යස්ථානය -
154, වේවැල්දූව, කැලණිය.

වෙසක් කවි

හිමි පුදට දෑතේ රැුඳි කැකුලූු මල්                  පසෙකලා
අතට ගෙන ගිනි අවිය යුද බිමේ                    රළුවේලා
වෛරයේ ක්‍රෝධ ගිනි ගලයි රුධිරය                  වේලා
දේශයයි හමියනෙ වඩිනු කල් යල්                    බලා

එස්. එ්. දිනූෂි තක්ෂිලා
5 ශ්‍රේණිය

ආදර මෑණියනි

දස මස මා කුස තුල සෑදු                    අමිමා
ලේ කිරි කර පොවා කුසගිනි නිවු      අමිමා
යහම`ග යවා මා ඇති දැඩි කළ          අමිමා
සසරෙත් ඉපිදේවා මා ආදර               අමිමා

රස ආහාර දීලා මගේ කුසගිනි          නිවිවා
යහ ම`ග යවා මා හො`ද දරුවෙකු    කෙරුවා
බුදු බව ලබන්නට ඇති ඔබ පිං         කෙරුවා
සසරෙත් මගේ මව වී ඔබ               ඉපදේවා

දස මස කුස දරා ගෙන දුක් වි`දි          අම්මා
මට සුරපුරක් තනවා දෙන්නටැයි         සිතුවේ
සිරුරෙන් වැගිරෙන දහඩිය ගැන නොම    සිතුෙවි
මහ යහපත් මිනිසෙකු කිරීමටයි ඇය මේ ලෙස දුක්     වින්දේ 
                                             
සෂිනි විශ්මිණි
7- ශ්‍රේණිය    

අහිමි වීම


    ලා හිරු කිරණ මිහි මත පතිත වෙත්ම විහඟුන් තම උදේ ආහාරය සොයා ඉඟිල ගියේය උත්තරා ද තම පොත් ටික තුරුලූු කරගෙන විදු පියස වෙත පා නගමින් සිටියාය. ඈතින් පෙනුණු මනහර දසුනක් නිසා ඈ තරමක්  ඕනෑකමින් එ් දෙස බලා සිටියාය. තවත් පියවර දෙක තුනක් තැබු උත්තරා එ් ඈතින් පෙනුණු දර්ශණය සමීපයට ගොස් නතර වුවාය මේ අම්මයි අපේ අම්මයි අතර එ් හැටි වෙනසක් නෑ.
 
ඇය මෙසේ සිතුවේ තම පැටවුන්ට පණුවන් කවමින් තම පැටවුන් පෝෂනය කිරීමට තැත් කරන කොණ්ඩ කුරුලූ මවක් දෙස බලමිනි.    

    
උඔ අද ඉස්කෝලේ යන්න අදහසක් නැද්ද ?       

    උත්තරා තම පිටුපසින් පැමිණි එ් හඬින් තිගැස්සිනි එ් උත්තරාගේ මේි බලන් හිටියේ අම්මා ළමයින්ට කවලා ලොකු කරන්න හදන හැටි මට මතක් උනා සමුද්‍රා අපේ අම්මයි තාත්තයි මාවයි අයියවයි මේ තත්වෙට ගේන්න කොච්චර දුක් වින්දා ද කියලා. අයියා හමුදාවට ගිය නිසා තමයි අපේ තාත්තට දැන් ටිකක් නිදහසේ ඉන්න පලූවන් උනේ.

     මෙසේ පවසමින් උත්තරා හා සමුද්‍රා පාසල වෙත පිය නඟන්නට විය.

    උත්තරාගේ පියා විශ‍්‍රාමික තැපැල් සේවකයෙකි සමන් උත්තරාගේ එකම වැඩිමහල් සහෝදරයාය. මව නිවසට වී ළමයින් බලාගෙන වැඩපල කරමින් සටියාය.    

    සමන් හමුදාවට බැඳුනේ උතුරේ කි‍්‍රයාන්විත සමයේදීය. දැන් සමන්ගේ වැටුපෙන් හා පියාගේ විශ‍්‍රාම වැටුපෙන් පවුල ගෙන යයි. 

       සුමනෝ අදවත් කොල්ලාගෙන් ලියුම් කඩදහිියක් වත් එයිද බලමු. දැන් අන්තිම කඩදහිය එවලා මාස දෙකක් වෙන්නත් ආවා මේ උත්තරාගේ පියාය.     

    මමත් මේ කල්පනා කලේ ඔය ගැනමයි මහත්තයෝ. මගේ හිත දැන් එකම ගිනි ගොඩක්. මගේ රත්තරන් කොල්ලට මොකක් හරි කරදරයක් ද දන්නේ නෑ.   

    මව මෙසේ පැවසුවේ තම හිතේ උපන් දුකෙන් නෙතට නැඟණු කඳුලූු කැට තම චීත්ත රෙද්දෙන් පිසදාලමිනිි.   

    මේ අතර උත්තරා තමන්ගේ අධ්‍යාපන කටයුතු අතරතුර තම අතීතිය සිහි කරන්නට විය. තම සහෝදරයා යුද හමුදා සේවයට ගොස් එවූ පළමු ලිපිය තවමත් ඇය සතුව පවති. එම සොහොයුරා පිළිබදව හද පත්ලෙන්ම ආඩම්බර වන ඇය තම පණටත් වැඩි සහෝදර පේ‍්‍රමයෙන් වෙලී සිටියාය.

    ටී‍්‍රං ටී‍්‍රං    

    උත්තරා දුවවිත් නිවසේ දුරකථනයට පිළිතුරු දීමට සැරසුනේ එ් තම සහෝදරයා යැයි සිහින මවමිනි. ඇයගේ සිහිනය සැබැවක්ම කරමින් දුරකථනය තුළින් මතු වූයේ තම සහෝදරයාගේ හඬයි.   

    අම්මේ අයියා කථා කරනවා.        

    අනේ අයියේ ඇයි ලියුමක් වත් එව්වෙ නැතතේ.

    ආදී ප‍්‍රශ්න වලින් සමන්ගේ දෙසවන් එ් මොහොතේම පිරී යන්නට විය. අඩ පැයක් පමණ තම මව හා පියා සමඟ දුරකථන සංවාදයේ යෙදුනු පසු ¥රකථනය තැබු මව නොරිස්සුම් ලෙසින් හැසිරුනි.

    මේ කොල්ලගේ ඔලූව හොද නැති වීගෙන එනවද මන්ද අපටවත් හරියට කන්න අදින්න නැතුව ඉන්නවා. එ් අස්සේ මේ අතපය නැති කොල්ලේකුත් මෙහෙ ගෙනත් දාගන්න හදනවා එයත් ආවම කවන්නයි නාවන්නයි ඔක්කෝම කරන්න වෙන්නේ අපිටනේ. උත්තරා මේ සියල්ල දෙස බලා සිටියේ නිහඬවයි. එක අතකට උඔලගේ අම්මගේ කථාවත් ඇත්තනේ බං. උඔලට කියලත් හතර මහා නිධානෙ පාත් වෙලායැ ඔය අබාධිතයෙක් ගෙනත් තියාගන්න.   

    උත්තරා හා සමුද්‍ර පසුදින පාසල් යමින් සිටියදී ඇය සමුද්‍රාට තම විස්තරය ප‍්‍රකාශ කලාය. එහෙම කියන්න එපා බං එයත් අපේ අයියා වගේ තවත් අම්මා කෙනෙක්ගෙ පුතෙක්නෙ. එදින උත්තරා නිවසට පැමිණෙන විට ප.ව 2.30 පමණ වී තබිණි. උත්තරා දිවා අහාරය ගෙන අවසන් වී කථා පොතක් කියවමින් සිටියාය.

    ටී‍්‍රං ටී‍්‍රං

    උත්තරාගේ පියා පැමිණ ¥රකථනයට පිළිතුරු දුනි. මොහොතකින් පියාගේන් පිළිතුරක් උත්තරාට නොලැබිණි.

    සුමනෝ අපේ කොල්ලාට පොඩි කරදරයක් කියලා මේ දැන් ගල්කිස්ස ඉස්පිරිතාලෙට එන්න කියලා කිව්වා ඉක්මනට ඇදගෙන යමු .

    ඔවුන් මෙසේ සුදානම් වී රෝහලට ගිය විට ඔවුනට මුණ ගැසුනේ හමුදා නිළධාරියෙකි.

    මේ සමන්ගේ තාත්තා වෙන්න ඇති.

    එහෙමයි මහත්තයෝ කෝ මගේ කොලුවා කරදරයක් වත්ද

    නිළධාරියා පියාව පසෙකට කැදවාගෙන ගියේය

    මම මේක කිව්වාට ඔබතුමා කලබල වෙන්න එපා. මුලතිව් වලදි සමන්ට බට්ටෙක් පෑගිලා අතකුයි කකුලකුයි නැති උනා. ඊයේ මෙයා එහෙන් නිවාඩු ආවා දැන් තමයි මටත් මේක ආරංචි වුනේ. සමන් අද කොච්චියකට පැනලා සිය දිවි හානි කරගෙන. මෙන්න මේ ලියුම එයාගේ සාක්කුවෙ තිබිලා අපට හමු වුනා.
2008.01.12
අම්මේ, තාත්තේ
          මම ගෙදරට කෝල් කළේ ඉස්පිරිතාලෙන් ටිකට් කපපු ගමන්. මගේ අතකුයි කකුලයි බෝම්බෙකට අහුවෙලා මට නැතිවුනා. මම කෝල් කරලා බැලූවෙ මම මේ තත්වෙන් ගෙදර ආවොත් අම්මලගේ ප‍්‍රතිචාරය මොකක් වෙයිද කියලා. මම දන්නවා අම්මලා මට වෙනසක් නොකරන වග. එත් මං දැන් ආබාධිතයි ඔයාලට වෙනම වෙහෙසක් මං නිසා දරන්න වෙනවා. මම කැමති නෑ කාටවත් බරක් වෙලා ජීවත් වෙන්න මම මගේ පඩිය ගෙදරට ලැබෙන්න ඔකකෝම වැඩ සකස් කළා. මම නවතින්නම්. ඔයාලා හැමෝටම දළදා සමිඳු පිහිටයි. මගේ ආදර සු¥ නංගිව හොඳට බලා ගන්න. නංගි ඔයා හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට යන්න.
            මම ඔයාලගෙම
            ආදරණීය,
            සමන්

නිමි. 

එම්. ඞී. අවිඳු අකීන්ද්‍ර රෝහන්

දීපාල් අත්තනායක


දීපාල් අත්තනායක
 ර‍ටේ ලෙඩුන් සුවපත් කරන අපේ ගෙමි ස්නායු ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරයා



ශි‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විශේෂඟ ස්නායු ශෛල්‍ය වෛද්‍ය වරුන් අතරින් ප‍්‍රමුඛ නාමයක් දිනා ගන්නට දීපාල් කුමාර අත්තනායක වෛද්‍යතුමන් සමත් වී ඇත. වර්තමානයේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවය කරන අත්තනායක මහතා සිය වෛද්‍ය වෘත්තිය ආරමිභ කළේ 1992 ඔක්තෝම්බර් මාසයේදීය. සිවිල් යුද්ධය දරුණු ලෙස පැවති 1992, 93 යන වසර වලදී ඔහු රට වෙනුනේ යුධ කරන හමුදා සෙබළුන්ගේ සෞඛ්‍ය සඳහා හමුදා රෝහලේ රාජකාරි කලේය.
 
ඉන් අනතුරුව කොළඹ ශෛල්‍ය වෛද්‍ය අංශයේ වසර 10 පමණක කාලයක් සේවය කළ අප කථා නායකයා, කුරුණෑගල, බදුල්ල, මීගමුව, කුලියාපිටිය සහ නුවර යන රෝහල්වල සේවය කොට අත්දැකීමි රැසක් ලබා ඇති වෛද්‍ය වරයෙකි.



    දීපාල් අත්තනායක වෛද්‍යවරයා 2008, 2009 යන වසර වලදී ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර ඇල්ෆඩි රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස පුහුණුවක් ලබා ගැනීම මෙරට ජනතාවගේ භාග්‍යයකි. මීට අමතරව තම වෘත්තීය ජිවිතය ඉදිරි ගමන වෙනුවෙන් ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව හා ස්විස්ටර්ලන්තය වැනි රටවල විවිධ පුහුණු ලබා ගන්නට අත්තනායක මහතාට හැකිවී තිෙබි. රාජ්‍ය විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස විශාල රෝගීන් ප‍්‍රමාණයක් සුවපත් කළ අපේ ගෙමි වෛද්‍ය වරයා පෞද්ගලික රෝහල් වල රෝගීන් වෙනුවෙන් සිය සේවාව පුළුල් කර තිබේ. එ් අනුව කොළඹ ආසිරි, ඩර්ඩන්ස්, නවලෝක, සෙන්ට‍්‍රල් ආදී රෝහල් වල මෙන්ම දිවයිනේ බෝහෝ ප‍්‍රදේශ වල පෞද්ගලික රෝහල් සඳහාද අත්‍යවශ්‍ය වෛද්‍යවරයෙක් බවට පත්වී තිබීම වේවැල්දූවේ ගම්වාසීන් ලෙස අපට ආඩම්බරයකි. මේ විශේෂිත පුද්ගලයා ගොඩනැෙ`ගන්නේ කෙසේද එය අහමිබයක් නොෙවි. ඔහු උපදින්නේ වේවැල්දූවේ අංක 203 නිවසේ පවුලේ තුන්වැනි පිරිමි දරුවා ලෙසිනි. ඉතාමත් ගුණගරුක දෙමාපියන් හා සහෝදරයන්ගෙන් සමන්විත අත්තනායක පවුල හැමදාමත් ගමේ විහාරස්ථානය සමඟ ඉතා ළඟින් ඇසුරු කළෝ වූහ. වර්තමානයේ සුචරිතෝදය දහම් පාසල එදා හැඳින්වූයේ ශ‍්‍රි නාගරුක්ඛාරාම දහම් පාසල යනුවෙනි. මේ දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු වු දීපාල් කුමාර අත්තනායක දහම් පාසල් අධ්‍යාපන විභාගයන් හි ධර්මාචාර්යය විභාගය සමත් ගමේ සිටි කිහිප දෙනා අතරින් කෙනෙකි. පාසැල් අධ්‍යාපනයට සමගාමීව දහම් අධ්‍යාපනය ඉතා මැනවින් ප‍්‍රගුණ කළ අත්තනායක ශිෂ්‍යා දහම් පාසලේ කථික, විවාද තරග වලදී කැපී පෙනෙන භුමිකාවක් නිරූපණය කළේය. දහම් පාසැල් අධ්‍යාපනය ඉතා ඉහළින් හමාර කළ අත්තනායක තරුණයා තමා උගත් දේ් අනාගත පරපුරට උරුම කරන්නට දහම් පාසලේම ගුරුවරයෙක් ලෙස සේවය කළේය. වසර 10 ක් පමණ ගුරුවරයෙක් ලෙස කටයුතු කළ අත්තනායක මහතා ඉතා කෙටි කලක් දහම් පාසලේ ප‍්‍රධානාචාර්යවරයා ලෙසද කටයුතු කිරීම ඔහුගේ සේවාවේ අනගි අවස්ථාවකි.   

    දීපාල් අත්තනායක මහතාගේ තරුණ අවධිය විවිධ බාහිර ක‍්‍රියාකාරකම් ඔස්සේ පරිණත තත්වයට පත් වන්නේය. ළමා කළ වේවැල්දූව මිහිඳු ළමා සමිතියේ ක‍්‍රියාකාර සාමාජිකයෙකු වූ ඔහු තරුණ අවධියේදී ප‍්‍රගති සමාජසේවා යෞවන සමාජයේ ක‍්‍රියාකාරිකයෙකු බවට පත් වෙයි. වේවැල්දූව අන්‍යෝන්‍ය අවමංගල්‍යාධාර සමිතියේ සමාජිකයෙකු ලෙසද ඔහු ගේ සේවාව ලබා දී තිබේ. මීට අමතරව ගමේ ක‍්‍රිඩා සමාජ වල සමාජිකත්වය ලබා තම හැකියාවන් විවිධ ක්‍ෂේත‍්‍ර වල විහිදී ඇති අකාරය පෙන්නුම් කළේය. තවත් අවස්ථාවක දහමි පාසල් අධ්‍යාපනය හා පාසල් අධ්‍යාපනය අවසන් කල අත්තනායක තරුණයා සම කාලීන බුද්ධිමත් තරුණ කණ්ඩායමක් සමඟ අධ්‍යාපන පිපාසාවෙන් පෙලෙන ගමේ දුප්පත් දූ දරුවන් උදෙසා තම දැනුම ලබා දෙන්නට නොමිලේ උපකාරක පන්ති මාලාවක් ආරම්භ කරන්නේය. එය පෞද්ගලික උපකාරක පන්ති හතු ලෙස පිපී ගෙන එන වකවානුවකි. එදා තම ගමට ඔහු සේවය කළේ එ් අකාරයෙනි. එහෙත් කෙදිනකවත් මෙතුමා කිසිවක් ආපසු අපේක්‍ෂා කළේ නැත.   

    කැළණිය ගුරුකුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු දීපාල් අත්තනායක මහතා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් විය. ගුරුකුලයේ දක්‍ෂ ශිෂ්‍යයෙකුව සිටි අත්තනායක විද්‍යාලයීය ශිෂ්‍ය නායකයෙකුද වේ. ගුරුකුලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස කීර්තිමත් පුරවැසියෙකු බවට පත්ව රටට දැයට කරනු ලබන සේවාව වෙනුවෙන් 2010 වර්ෂයේ දී දීපාල් කුමාර අත්තනායක විශේෂඥ ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයා ගුරුකුල රත්න විභූෂණ සම්මානයෙන්ද පිදුමි ලබන්නේය.

     වේවැල්දූව ගම් පියසේ ඉපිද, නාරුක් අරමේ සෙවන ලැබ සුවහසක් ගිලනුන් සුවපත් කරන අත්තනායක වෛද්‍යතුමා තවමත් තමා හැදී වැඩුනු ගම, විහාරස්ථානය ගම්වාසීන් හො`දින් ඇසුරු කරන්නෙක්, කළගුණ සලකන්නෙක් ලෙස සටීම අප හැම දෙනාගේම භාග්‍යයකි.

පාලිත කේ. විජේසිංහ
නො. 125/3

එදා වේවැල්දූව........

දෙවන ලෝක මහා යුද්ධය අවසන් වූයේ 1945 වසරේදීය. ගමේ කොටසක් යට කරගෙන තිබූ හමුදා කඳවුරු ක‍්‍රමයෙන් ඉවත් කරනු ලැබීය. ඩිංගිවත්ත ප‍්‍රදේශය පුරා පැතිර තිබුණේ දකුණු ආසියාතික රටවලින් පැමිණි සොල්දාදුවන් සඳහා වෙන් වූ හමුදා කඳවුරකි. ජාතික නිවාස යෝජනා ක‍්‍රමයේ දකුණුදිග කොටස සහ ඊ. එ්. ගුණපාල මහතාගේ නිවසේ සිට දකුණු දිගට ඇති ප‍්‍රදේශය නාවික හමුදා කඳවුරකින් ආවරණය වී තිබුණි. එය ”මයිනා කෑමිප්” නමින් හඳුන්වනු ලැබීය. එහි  සුදු ජාතික නාවික භටයෝ ලැගුම්ගෙන සිටියහ. එම හමුදා කඳවුරු ඉතිරි කර ගිය සංකේත මේ වන විට අපගේ දසුනින් ඉවත්වී ගොස් ඇතත් ඩිංගියාවත්ත ක‍්‍රීඩාපිටිය අදද ආඩම්බරයෙන් අප දෙස බලා සිටී. මෙම ක‍්‍රිඩාපිටිය අද තිබෙණ ප‍්‍රමාණය මෙන් දෙගුණයක් තරම් එදා විශාලය. පී. එ්. ඞී. කුලතිලක මහතාගේ මහගෙදර අසලින් ඉතා පුළුල් මාර්ගයක් ඉද්ද ගැසූවාක් මෙන් විහිදී ගියේය. එම මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට ක‍්‍රීඩාපිටිය දෙසට නෙත් යොමු කළ කවරෙකුගේ වුවද නෙත ගැටුණේ සිත් ඇදගන්නා දසුනකි. එකල මෙම ක‍්‍රීඩාපිටිය සහ ඊට බටහිරට ඇති ප‍්‍රදේශය ඩිංගිවත්ත නමින් හැඳින්වූ නමුත් පසු කළෙක ක‍්‍රීඩාපිටිය ඩිංගියාවත්ත නමින් වෙනස් වූයේ කිනම් හේතුවක් නිසාදැයි මම නොදනිමි.

හමුදා කඳවුරු ඉවත් කරනු ලැබීමෙන් පසු, කලක්  ගතවන තුරු ඩිංගිවත්ත ප‍්‍රදේශය වැටකඩොළු නොමැති නිදහස් ප‍්‍රදේශයක ස්වරූපය ඉසිලීය. මෙම හේතුවෙන් ඩිංගිවත්ත ප‍්‍රදේශය කොලූගැටයින්ට පාරාදීසයක් බඳුවිය. ඉතා සරුවට වැඩුනු කජු ගස් කීපය මෙම ප‍්‍රදේශය අසිරිමත් කළේය. ඉදුනු කජු පුහුලන් දෙස මගේ වයසේ කොලූගැටයින් ඇදී ආවේ පහන් එළියට ඇදී එන පල`ගැටියන් සේය. අපගේ පය නොගැටුණු කජු අත්තක් තිබුණා නම් එ් ඉතා කළාතුරකිනි.



1947 වසරේ අගෝස්තු මස 16 වෙනි සෙනසුරාදා වේවැල්¥වේ වැඩිහිටි අයට අමතක නොවන දිනයක් විය. කැලණියේ බොහෝ ප‍්‍රදේශ යටකරගෙන එදින කැලණි ග`ග පිටාර ගැලූවේය. එය සිදුවූයේ රාත‍්‍රී කාලයේදීය. පසු දින උදෑසනින්ම මගේ මව මා අවදි කරනු ලැබුවේ අමුතුම දර්ශනයක් පෙන්වීමටය. ඩිංගිවත්ත ක‍්‍රිඩාපිටිය හරහා හුණුපිටිය දෙසට ඇදී යන මහා ජලකඳ දෙස මම මවිතයෙන් බලාසිටියෙමි. ගංවතුර නිසා ගමේ බොහෝ දෙනෙක් අවතැන් වූහ.



ගංවතුර හා බැඳුණු සිදුවීම් දෙකක් මගේ මතකයෙන් මෙතෙක් ගිලිහී ගොස් නොමැත. සීමන් මාමා, පියරත්න අයියා සහ එවකට වෛද්‍ය සිසුවෙකුව සිටි ධර්මසේන මාමාත් විනෝදයට ගංවතුරෙහි ඔරු පැද්දාහ. සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. සැඩපහරට හසුව ගසා ගෙන යන ඔරුව දෙස බලා සිටි සියලූදෙනාම භීතියෙන් ඇළලී ගියෝය. සිත මෙන්ම ගතද ශක්තිමත් කීපදෙනෙකුගේ දැඩි උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස ඩිංගියාවත්ත ක‍්‍රීඩාපිටිය අසලදී ලණු දමා ඔවුන් තිදෙනා බේරාගැනීමට හැකිවිය. අද වන විට එම තිදෙනාම අප හැර ගොස් ඇත.

තවත් දිනෙක බේකරියට ඔබ්බෙන් මහ පාරේ සිට ගංවතුර දෙස බලා සිටි මම, අප දෙසට කිසිවෙකු පීනාගෙන එන අයුරු දුටුවෙමි. ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳව මාගේ සිතතුළ ඇති වූයේ බියකි. මෙගොඩට පීනාගෙන පැමිණි ඔහු යම් වේලාවක් වැඩිහිටියන් සම`ග සුහදව කතාබස් කරමින් සිට නැවතත් ආපසු පීනා ගියේ මාගේ සිත තුළ වීරයෙකුගේ රුවක් තැන්පත් කරමිනි. එ් සිරිල් පේ‍්‍රමරත්න මහතාගේ පියාණන් වූ, එ්බරම් මාමා යනුවෙන් හඳුන්වනු ලැබූ ඇම්. රොමානිස් පෙරේරා මහතාය.

වේවැල්¥ව එදා, අද මෙන් ඉතා කළබලකාරී නොවූ නිසංසල ප‍්‍රදේශයක් විය. ගම මැදින් වැටී තිබූ ගුරු පාර දිගේ වාහනයක් ගමන් කළේ කළාතුරකිනි. මුළු ගමටම තිබුණේ මෝටර් රථ දෙකක් හෝ තුනක් හෝ පමණි. නොබෝදා අප අතරින් වියෝවූ සයිමන් කහඳවල මහතාගේ පියාගේ බරකරත්තය ගමේ පාරදිගේ ගමන් කිරීම සුලබ දසුනක් විය. කරත්තයේ ඉදිරිපස වාඩි වී ඉදිරියට හමුවන සියලූදෙනාටම සුහදත්වය පාමින් තේමිස් මාමා ගොනා මෙහෙයවූයේ ”හා යමන් පුතා ....” කියමිනි.

කජුගහකුඹුරේ ආරොන් සීයාගේ මී හරක් රංචුව ගමේ පාරේ ¥විලි අවුස්සමින් උදය කාලයේ එක් දිසාවකට යාමත් සවස ආපසු පැමිණීමත් දිනපතා දක්නට ලැබුණු තවත් දර්ශණයකි.
රාත‍්‍රී කාලයේදී ගමේ නිවෙස් ආලෝකමත් වූයේ විදුලි පහනින් නොව භූමිතෙල් ලාම්පුවෙනි. භූමිතෙල් ගැලූමක්ම (ලීටර් 4 1/2* එදා ශත 80 කට මිලදී ගැනීමට හැකියාව තිබුණි. 1953 වසර වන විට ගමේ ප‍්‍රධාන මාර්ගයේ අද තැපැල් කණුව ඇති ස්ථානය දක්වා විදුලි බලය ලැබී තිබුණි. ඉන් ඔබ්බට හුණුපිටිය දෙසට විදුලි බලය දීර්ඝ කරනු ලැබූයේ 1953 වසරේ අගභාගයේදීය.

ගමේ නිවෙස් කීපයක හැර සෙසු නිවෙස් වල වහල සෙවිලි කර තිබුණේ පොල්අතු වලිනි. මාස හයකට වරක් අලූතින් පොල්අතු සෙවිලි කළ යුතුව තිබුණි. එ් සඳහා අවශ්‍ය වූ ශ‍්‍රමය කල්තියා සූදානම් කිරීමේ සිරිතක් එදා නොපැවතුණි. පරණ පොල් අතු කඩා ඉවත්කරන අතරතුරදීම කීපවරක් හූ හඬ නැගීමේ ප‍්‍රතිඵලය වූයේ පිරිමි කීපදෙනෙක්ම එම කාර්යයට අත දීමට පැමිණීමය. එවැනි අවස්ථාවලදී සැමන් සලාදය සම`ග පාන් අනුභව කිරීමට හැමෝම ප‍්‍රිය කළහ.

වේවැල්¥ව ගමේ ග‍්‍රාමීය බවෙහි ප‍්‍රධානතම ලක්‍ෂණය වූ වෙල්යාය අද අපගේ දර්ශනයෙන් මුළුමනින්ම ඈත් වී ගොස් ඇත. වර්තමානයේ බේකරිය ඇති ස්ථානය අසලින් ආරම්භ වූ වෙල්යාය මහවත්ත, කජුගහකුඹුර ආදී ප‍්‍රදේශ අසලින් ඈතට විහිදී ගොස් දිප්පිටිගොඩ වෙල්යායට සම්බන්ධ විය. වී වැපිරීමේ මෙන්ම ගොයම් කැපීමේ සහ පෑගීමේ අවස්ථා ගමේ බොහෝ අයට කාර්ය බහුල කාලයක් විය. ගොයම් පෑගීම ගමේ ළමයින්ට ඉතාමත් විනෝදජනක අවස්ථාවක් විය.

හුණුපිටිය හරහා පැමිණි සිහින් ජලධාරාව ඩිංගියාවත්ත ක‍්‍රීඩාපිටිය අයිනේ කානුව දිගේ ගලා විත් වෙලට දකුණු දිසාවෙහි පිහිටි ඇලට ගලා බැස්සේය. එම ජලධාරාව එදා එ් අයුරින් ගලා බැස්සේ මෑතකදී අප අතරින් වියෝවූ පී. එ්. ජස්ටින් පෙරේරා මහතාගේ නිවස අසල ඇති මාදන්ගහමුල බෝක්කුව නමින් හැඳින්වූ බෝක්කුව අසල, කුඩා මාලූවන්ට කෙළිසෙල්ලම් කිරීමට සුදුසු පරිසරයක් ද සකසා දෙමිණි. එසේ සෙල්ලම් කරන නල හඳයින්, වැලි ගොව්වන්, දණ්ඩි පැටවුන් දෙස අප වැනි කොලූ පැටවුන් බලා සිටියේ බෝක්කුව උඩ දණ නමාගෙනය.

වර්ෂාව අධික කාල වලදී වෙල උතුරා යාම වසරක් තුළදී කීපවරක්ම සිදුවිය. එවැනි අවස්ථාවලදී ගමේ කීපදෙනෙක්ම මාලූ ඇල්ලීමට පෙළඹුණෝය. ලූලා, කාවයියා, මගුරා වැනි මාලූන්ට, බොහෝ දෙනෙකුගේ ආහාරය රසවත් කිරීම පිණිස ජීවිතය පූජා කිරීමට සිදුවිය.

ගමේ මරණයක් සිදුවූ විට අද මෙන් එදා කැරම් ගැසුවේ වත්, කාඞ් සෙල්ලම් කළේවත් නැත. රාත‍්‍රියේ පටන් පසුදා පහන් වන තුරු වෙස්සන්තර ජාතකය ගායනය කිරීම සිරිතක්ව පැවතුණි. එවැනි අවස්ථාවලදී ඉතාමත් ලයාන්විත අයුරින් කවි ගායනා කිරීමේ හැකියාව ගමේ කීපදෙනෙකු සතුව තිබුණි. සනේ මාමා සහ ඬේවිඞ් මාමා ඉන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාද අද අප අතර නැත.

එකල අපි ටියුෂන් පන්ති නොගියෙමු. එවැනි දෙයක් අවශ්‍යව තිබුණේද නැත. සවස් වරුවේ පැය කීපයක්ම ක‍්‍රීඩා පිටියේ ගත කිරීමේ වාසනාව අපට හිමි වී තිබුණි. ඇඳිරි වැටීමට ආසන්න වෙත්ම නම කියා උස් හඬින් අඬගසන විට නිවෙස කරා යාම අපගේ සිරිත විය. වර්තමානයේදී ළමයින්ගේ පරිභෝජනයෙන් ඈත් වී තිබෙණ වෙරළු, ජම්බු, වැලි පේර ආදිය අපට ඉතා රසවත් වූ පළතුරු වර්ග විය. අතිශයින්ම සුන්දර වූ එ් ළමා කාලය අද ළමයින්ට අහිමි වීම අභාග්‍යයකි.

ලීලාරත්න මිරිහාගල්ල
නො. 155

මෙත් සිසිලයි සිල් සුවඳයි

කවි ලියූ සීයා නොදුටු, මිණිබිරිය ලියූ කවි......
       

    සඳ කැළුම් වැටී මළුව     තෙමෙයි
    මඳ පවන් වැදී මැටි පහන්     නිවෙයි
    මල් සුවඳ වැදී මල් අස්න     තිබෙයි
    ගුණ සුවඳ මලින් බුදු ගුණ     පැතිරෙයි
   
    බෝ මළුව පුරා සුදු නෙළුම්     පිපෙයි
    පරිසරය පුරා සිල් සුවඳ     දැනෙයි
    බුදු මුඛය දෙසූ එ් දහම්     ඇසෙයි
    ලොව සතට දැනෙන දිව ඔසුව     එයයි


    සිත් තුළ දැල්වුණ එ් පහන්     දිලෙයි
    දෙදහස් හයසිය වෙනි වසර     ලබයි
    බුදු හිමි වෙනුවෙන් මල් පහන්     පිදෙයි
    සිත් තුළ සංකා බිය සැක     දුරුවෙයි


    අනන්ත බුදු ගුණ සයුරක්     මැව්වයි
    ජීවන මන් පෙත නිමවනු     දුටුවයි
    සසර කෙලෙස් දුක් නිමකල     හින්දයි
    මෙත් කරුණා සිහිලෙන් ලොව     දිලූනයි

නදීෂා සුභාෂිනී
අංක 115/1

වේවැල්දූවේ කරුණාදාස කිවිඳුන්


වේවැල්දූවේ කරුණාදාස කිවිඳු
    කැලණිය ප‍්‍රදේශයේ වේවැල්දූව නැමති කුඩා ගම්මානය දිවයිනේ සුප‍්‍රසිද්ධ ග‍්‍රාමයක් බවට පත්වූයේ හැටේ දසකයෙන් පසුවය. එයට මූලික වූ හේතූන් කිහිපයකි. ප‍්‍රධානතම හේතුව වූයේ වේවැල්දූවෙන් බිහිවූ කරුණාදාස නම්වූ කවියාය. වේවැල්දූව ශ‍්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරයත්, ශ‍්‍රී ලංකා එක්සත් ක‍්‍රීඩා සමාජයත් අනෙකුත් හේතූන්ය. එවකට ප‍්‍රධානතම මාධ්‍ය ලෙස සැලකුණු ගුවන් විදුලි සේවයෙන් මුළු ලක්බිමම හිටිවන කවියෙන් පිනවූ වේවැල්දූවේ කරුණාදාස කිවිඳු ප‍්‍රසිද්ධියට පත්වූයේ ‘වේවැල්දූවේ කරු’ යනුවෙනි. වේවැල්දූව ශ‍්‍රී නාගරුක්ඛාරාමයත් නිවන්දම ශ‍්‍රී දීපදුත්තාරාමයත් යන විහාරස්ථාන වල විහාරාධිපතිව වැඩ වාසය කළ නිවන්දම ශ‍්‍රී ධර්මකීර්ති හිමිපාණන් වහන්සේ එවකට පැවතී කරු උපහාර උළෙලකට ඉදිරිපත් කළ ලිපියක අපූරු අදහසක් ඉදිරිපත් කළහ. ”නුවරපාරේ දරමඩුව හන්දියෙන් බසයෙන් බසින කිසිවෙක් වේවැල්දූව ග‍්‍රාමය ගැන නොදනී. එ් කරුණාදාස කවි කියන්නට පෙරය. එසේම ශ‍්‍රී ලංකා එක්සත් ක‍්‍රීඩා සමාජය බිහිවෙන්නටත් පෙරය. අද වේවැල්දූව ගැන නොදන්නේ ඊයේ පෙරේදා ගමට ආ කල්ලතෝනියකු පමණයි” එ් උන්වහන්සේගේ නිර්මල අදහස්ය.
    උඩුව විදානගේ කරුණාදාස වේවැල්දූව ගමට පහල වූ පහන් තරුවකි. ගමේ උන්නතිය උදෙසා හේ ඉටුකළ උදාර මෙහෙවර ලියා නිමකල නොහැක. ගමත්, පංසලත්, ක‍්‍රීඩා පිටියත් සම්බන්ධීකරණය කරමින් හේ ඉටුකළ ආගමික, සාමාජීය හා සංස්කෘතික මෙහෙවර අතිමහත්ය. එදා ශ‍්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේ විහාර වර්ධන සමිතියේ භාණ්ඩාගාරික ධූරය උසුලමින් 80 දශකයේ හේ දැවැන්ත කාර්යභාරයක් ආරම්භ කළේය. එ් විහාරස්ථානයට මහත් අඩුවක්වූ නව බුදුමැදුරක් ගොඩනැගීමය. එවකට පංසලේ වූ බුදුගෙය හතරදෙනෙකුටවත් එකවර රැුඳෙමින් බුදුන් වැඳීමට ඉඩකඩ නොමැති කුඩා ගොඩනැගිල්ලකි. වර්තමානයේ පනහකට වැඩි පිරිසකට එකවර බුදුන් වැඳිය හැකි සිත් පහන් කරවන බුදු මැදුරක් නිර්මාණය කිරීමට මූලිකව කටයුතු කළ කිහිපදෙනා අතර ප‍්‍රධාන තැනක් හිමිවනුයේ කරුණාදාස කිවිඳුටය. එදා ඔහු එ් සඳහා බරපැන සොයාගැනීමට මල්වට්ටි වෙන්දේසි මෙහෙයවූයේය. සල්පිල් සංවිධානය කළේය. කවිමඩු පැවැත්වූයේය. රූකඩ සංදර්ශන පැවැත්වූයේය. එදා එසේ නිමකරණු ලැබූ බුදු මැදුරේ අද අප මහත් ශද්ධාවෙන් භක්තියෙන් බුදු පියාණන් වහන්සේ වඳිමු.    



    එ් කාල පරිච්ෙඡ්දයේදී දහම් පාසලේ උගත් දරු දැරියනට කරුණාදාස විශාල ශක්තියක් විය. හේ දහම් පාසලේ දරුවන් අතර කථීක තර`ග, කවි ගායනා තර`ග සංවිධානය කළේය. මගේ ගමේ දරු දැරියන්ට සබකෝලයෙන් තොරව යමකට නොබියව ඉදිරිපත් වීමේ හැකියාව ඇතිකරනවායයි යන අධිෂ්ඨානය ඔහු තුළ විය. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් හේ ලබා සිටියේය. සති අන්ත දිනවලදී ගමේ දූ දරුවන් විහාරස්ථානයේ ධර්ම ශාලාවට කැඳවා ඔවුනට ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වූයේය. හේ මේ සඳහා කිසිදු මුදලක් අය නොකළේය. එපමනක්ද නොව දරු දැරියන්ට අවශ්‍ය පොතපත නොමිලයේ බෙදාදීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළේය. එවකට ධර්ම විද්‍යාලයේ දරු දැරියන් විශාල ප‍්‍රමාණයක් සමබන්ධ කරගෙන පේෂකාර දූ, කුණ්ඩලකේසි යන දැවැන්ත බෞද්ධ නාට්‍ය දෙකක් නිර්මාණය කර ප‍්‍රදර්ශණය කළේය. කුණ්ඩලකේසී නාට්‍ය නැරඹීමට  විහාර බිමට පැමිණි ජනගහනය එදා වර්ථාගත විය. එම නාට්‍ය වල රඟපෑ දූ දරුවෝ අද වාසනාවන්ත මවුවරුය, පියවරුය, වෘත්තීය වශයෙන් වෛද්‍යවරුය, ඉංජිනේරුවන්ය, දක්‍ෂ පරිපාලන නිලධාරීන්ය, ගුරුවරුය, රාජ්‍ය සේවයේ නිරතවූවන්ය, ව්‍යාපාරිකයන්ය.



    හැටේ, හැත්තෑවේ දශකවලදී වේවැල්දූව ග‍්‍රාමයේ තිබූ ප‍්‍රභලතම සංවිධානය වූයේ තරුණ බෞද්ධ සමිතියයි. එම සමිතියේ ප‍්‍රභල නිලයක් දැරූ කරුණාදාසයන් එ් තුළින් අතිමහත් පොදු ජන සේවයක් ඉටු කළේය. එවකට කැලණි රජමහ විහාරයෙන් වාර්ෂිකව පවත්වනු ලැබූ කැළණි පෙරහැර ප‍්‍රදේශයේ ප‍්‍රභලතම පෙරහැරයි. එය හැරුණු විට දැවැන්ත වාර්ෂික පෙරහැරක් පවත්වනු ලැබුවේ වේවැල්දූවේ තරුණ බෞද්ධ සමතියේ මෙහෙයවිමෙන්ය. එ් පොසොන් පෝයට පවත්වන පොසොන් මහ පෙරහැරයි. අලි ඇතුන්ගෙන් සමන්විතව වසර ගණනාවක් පැවැත්වුණු මෙම පෙරහැර වේවැල්දූව ග‍්‍රාමයේ නාමය තවතවත් දීප්තිමත් කළේය.



    ගමේ සියළුදෙනාම එ්කරාශී කරගනිමින් ඩිංගිවත්ත ක‍්‍රීඩා පිටියේ එදා වාර්ෂිකව පැවැත්වුන බක්මහ උළෙල අපූරුවට සංවිධානය කළේ කරුණාදාසයන්ය. වේවැල්දූව ග‍්‍රාමයේ තොරතුරු අඩංගු පත‍්‍රිකාවක් මාස්පතා නිකුත් කිරීමට හේ කටයුතු කළේය. එදා ගමේ පංසලේ, ක‍්‍රීඩා පිටයේ පැවති  ඕනෑම උත්සවයක පෙරමුණ ගත්තේ කරුණාදාසයන්ය. මඟුල් ගෙදරකදී අවමංගල්‍ය උත්සවයකදී ගම නියෝජනය කළේ ඔහුය.



    කොළඹ මහ නගර සභාවේ වෘත්තීය වශයෙන් රාජකාරි කටයුතු කළ හේ ඉන් අනතුරුව වත්තල නගර සභාවේ මාණ්ඩලික නිලදරුවෙකු ලෙස විශ‍්‍රාම ගන්නා තෙක් කටයුතු කළේය.

    හේ දක්‍ෂ කථිකයෙකි, හිටිවන කවියෙකි, දක්‍ෂ ලේඛකයෙකි, සාහිත්‍යකරුවෙකි, මාධ්‍ය වේදියෙකි, කලාකරුවෙකි, එ් සියල්ලටම වඩා මනුෂ්‍යත්වය හඳුනන මිනිසෙකි. 1936 වසරේ අගෝස්තු මස 16 වන දින උපන් ඔහු වේවැල්දූව ගම වෙනුවෙන්, ගමේ පංසල වෙනුවෙන්, ගමේ ජනතාව වෙනුවෙන් ඉටුකළ මහා මෙහෙවර 1998 වසරේ පෙබරවාරි මස 15 වන දින නිමාවට පත්විය. එ් හදිසියේ ඇති වූ ආබාධයකින් ජීවිතයෙන් සමුගැනීමයි. වේවැල්දූව ගමේ නම පවතින තෙක් කරුගේ නමද පවතිනු ඇත. ජීවිත කලාන්තරය තුලදී ඔහු ඉටුකළ සුවිහේෂි මෙහෙවරට ගම දැක්වූ උපහාරය ඔහුගේ අවසන් කටයුතු සිදුකළ ආකාරයෙන් විදහා දැක්වෙයි. වේවැල්දූව සුප‍්‍රසිද්ධ ඩිංගිවත්ත ක‍්‍රීඩාපිටයේදී ආදාහන උත්සව පවත්වනු ලැබුවේ ප‍්‍රදේශයේ අපවත්වී වදාල විහාරාධිපති හිමිපාණන් වහන්සේලා කිහිප නමකගේය. ඩිංගිවත්ත ක‍්‍රීඩා පිටිය මධ්‍යයේ සොහොනක් ගොඩැනැගුනේ එකම එක ගිහියෙකු වෙනුවෙනි. එ් සාමවිනිසුරු වේවැල්දූවේ කරුණාදාස කිවිඳානන් වෙනුවෙනි. 

සංඝදාස මීගොඩ
අංක 142/2